( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) තීන්දු කළේය.
පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත හා වෙනත් ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කර තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින්, එය වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම අයිතිවාසකම් පෙත්සම ගොනු කර තිබිණි.
මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ මූලික විරෝධතා පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
බුවනෙක අළුවිහාරේ , එල්.ටී.බී දෙහිදෙණිය සහ එස්.තුරේරාජා යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙලෙස අත්අඩංගුවට ගැනීමේ අවධානම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ආසන්නතම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙසත්, ඒ වෙනුවෙන් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ඉල්ලා හිටපු අමාත්‍ය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති රවින්ද්‍ර විමලසිරි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක , නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
ඒ අනුව එම ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , වන්දි ලෙස රුපියල් කෝටි පහක මුදලක් අය කර දෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
එසේම පාස්කු ඉරුදින ප්‍රහාරය හෝ වෙනත් ත්‍රස්ත ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ ගෞරි සංගරි තවරාසා මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතීඥවරුන් වන ෆායිස් මුස්තාෆා සහ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා පෙනී සිටියේය.
ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.
මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාග
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.
වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධි
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
බදියුදීන්ගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට
Bamunuarachchi Friday, 07 August 2020 11:08 AM
නඩු නොඅසා හිරේ දානවා නම් අපි බොහෝම කැමැතියි.
BamunuarachchiFriday, 07 August 2020 02:48 PM
හිරේ නොදා ඊට වඩා ලොකු දඬුවමක් දෙනවා නම් අපි ඊටත් වඩා කැමැතියි.. අපිට ඕන සංහිඳියාවක් නැහැ.
සමිත සේනක අලුත්ගමගේ. Friday, 07 August 2020 11:59 AM
මම නම් මේ ජනාධිපතිතුමාට කැමති එතුමා මේ අන්තවාදීන් මෙල්ල කළා. ඔවුන්ට ඕනඕන විදිහට නටන්න ඉඩ දුන්නේ නෑ. පෙර රජයන්වලදී මොවුන් අරාබි නීතිය මේ රටේ ස්ථාපිත කරන්න දැඟලුවා. දැන් වැඩේ වරදින්න යන බව දැනිලා බය වෙලා. කළකම් පල දෙනවාමයි. ආයේ ඒකෙන් බේරෙන්න බැහැ. වැරදි කරලා තිබෙනවා නම්, මේ පාර නම් ගැලවුමක් නැතිවෙයි.
Pradeep Friday, 07 August 2020 02:00 PM
දිනුවා කියලා නිකන් මේර පාලනය කරන්න හදන්න එපා , ඔයාලට ඕන විධිහට උසාවිය , පොලිසිය වැඩ කරන විධිහට, කාට වූනත් සදාරණයක් කරන්න.