(මනෝප්‍රිය ගුණසේකර )
හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සී මියගිය 16 හැවිරිදි බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශන කටයුතු වලට සහාය වීම සඳහා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයෙකුගෙන් සමන්විත රජයේ නීතිඥ කණ්ඩායමක් නීතිපතිවරයා විසින් පත් කරන ලදී
එලෙස පත් කරන ලද නීතිඥ කණ්ඩායමේ ප්‍රධානත්වයට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපති සංජය රාජරත්නම් මහතා විසින් පත්කරන ලදී
මෙම සිද්ධියට අදාළව සිදු කරන පොලිස් විමර්ශන කටයුතු වලට නිසි නීතිමය උපදෙස් ලබා දීම මාර්ගයෙන පොලිස් විමර්ශන කටයුතු කඩිනම් කර ගැනීමේ අරමුණින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රජයේ නීතිඥ කණ්ඩායමක් මෙලෙස පත් කරන ලද බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි
සිද්ධියට අදාළව පොලීසිය විසින් මෙතෙක් සිදුකරන ලද විමර්ශන උදෘත අදාළ නීතිඥයන් කණ්ඩායම විසින් පරික්ෂා කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව පොලීසියට උපදෙස් දීමට කටයුතු කරනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.