( තිළිණි ද සිල්වා)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයන් ලංකාවේ පවතින නඩු විභාගය පිළිබදව ඉදිරියේදී ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු සංගමය කියා සිටී.
පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරයා මුදා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමය සිය නිල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ කියා සිටී.
එම සංගමය විසින් නිකුත් කළ ට්විටර් පණිවඩයේ සදහන් වූයේ ත්‍රස්තතවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතාට ඇප මත නිදහස ලැබීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු සංගමය සතුටට පත් වෙමු. තවද එම නඩු විභාගය පිළිබඳව ඉදිරියේදී ද අප ඉතා සමීපව නිරීක්ෂණය කරමු. යන්නයි.
1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ 2021 අප්රේල් 24 වැනි දින පාර්ලිමේන්තු මන්ත්රී සහ සමස්ත ලංකා මහජන කොංග්රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුව දින 177 ක් රඳවාගෙන සිටීමෙන් පසුව අවසානයේ පසුගිය ඔක්තෝබර් 14 දා ඇප මත නිදහස් කෙරිණි.
මේ අතර එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමයේ පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වන අතර ඒවා ප්‍රසිද්ධ කර නොමැත.
COMMENTS
යටත් විජිතයක් වී හමාරයි.
සත්‍යය කවදා හෝ එළිවෙයි...
ලෝකෙට ණය උනාම එයාලා අපිව එයාලට ඕන විදියට පාලනය කරනවා ,දේශපාලකයින්ට එය තේරුනත් බලයට ඇති කෑදරයට එයම කරනවා
මොවුන්ට ලංකාවට එන්න වීසා දෙන්න එපා.
සත්‍ය තමයි හමබයෝ අල්ලා විස්වාස නොකරන එවුන් මරපල්ලා කියන එක. එහෙම කියන උන් අපි මොකටද ලංකාවේ තියාගෙන ඉන්නේ. නැවත එජාපයක් ලංකාවේ බිහි උනොත් මුන් පන්සල් වලටත් බෝම්බ තියනවා ෂුවර්. ඒ නිසා දැන්නම ඉවරයක් කර දමන්න.
මේ කියන මොන සංවිධානයකටවත් ත්‍රස්තවාදය හා එහි මුහුනුවරවල් පිලිබඳ කිසිම අවබෝධයක් නැතිද ?
මැදමුලන මිනීමරුවන්ගේ කකුල් ලෙවකන්නට බමුණා මහත් තෘප්තියක් ලබන බව මම කිසිදා නොසිතුවෙමි.
බලලා මල්ලෙන් එලියට පැනලා .දැන් හදන්නේ තර්ජනය කරලා අපරාධ කරුවන්ව නඩු නොමැතිව එලියට දමන්න
මේකට හොඳම විසඳුම එක රටක් එක නීතියක් සියලු දෙනාටම ඇතිකර පවත්වාගෙන යාම .එවිට ජාත්‍යන්තරය පමණක් නොව ශ්‍රී ලාංකිකයින් ද සතුටු වන අතර අපට සාමයෙන් ජීවත් විය හැකි රටක් සංවර්ධනය වූ රටක් තුළ ජීවත් විය හැක.
හම්බයන්ගේ පැත්තටමයි අදින්නේ .
නඩු කීයක් නම් නිදොස් කොට නිදහස් කලාද ,මිනී මැරුම් කීයක් නිදහස් කලාද .තම්බියෙක් ගෑවුනොත් ඇති හාල්පාරුවන්ට කමෙන්ට් කරන්න
මේ නඩුවට ජාත්‍යන්තරය මැදිහත් වෙන්න එක සාධාරණයි. මොකද ඒ දවස්වල එස් බී, විමල් වීරවංශ, මහින්දානන්ද කිව්වේ රිෂාර්ඩ් මේ බෝම්බ සිද්දියට සම්බන්ද බව පැහිදිලි සාක්ෂි තියනව කියල. එස් බී කිව්වා සතොස ලොරිවලින් බෝම්බ ප්‍රවාහනය කලයි කියලා . කෝ ඉතින්? අද වනතුරු ඔවුන් ඔවුන්ගේ සාක්ෂි ඉදිරිපත් කරලා නැහැ. ඔවුන් බල තණ්හාව සඳහා ජාතීන් අතර වෛරය සහ ක්‍රෝධය ඇති කළා.