IMG-LOGO

බැදුම්කර නඩුවෙන් රවි ඇතුළු පිරිස නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

රුපියල් කෝටි 3600 කට අධික බැදුම්කර වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුලු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නතීපතිවරයා පවරා ඇති නඩුවේ පොදු දේපළ පනත යටතේ වු චෝදනා පවත්වාගෙන යෑමට නොහැකි බවට තීරණය කළ කෙළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කිරීමට බහුතර තීන්දුවෙන් අද නියම  කළේය

මම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුනවන්ට එරෙහි මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බවට විත්තියේ නීතීඥවරුන් මතු කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ප්‍රතාශයට පත් කළ ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල පොදු දේපළ පනතේ 07 වැනි වගන්තිය යටතේ වන චෝදනා එල්ල කළ හැක්කේ ස්වභාවික පුද්ගලයනට පමණක් බව සදහන් කරමින් බහුතර තීන්දුවෙන් විත්තිකරුවන් නිදහස් කරමින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න මහත්වරුන් විත්තිකරුවන් නිදහස් කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර සාමාජික විනිසුරු මොහෝමඩ් ඉෂඩීන් මහතා විත්තිකරුවන්ට එරෙහි පොදු දේපළ පනත යටතේ වු චෝදනා පවත්වාගෙන යෑමට හැකි බවට වෙන මම තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

2016 මාර්තු මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා මහ බැංකුව පැවැත්වු බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් කෝටි 3600 කට අධික භාන්ඩාගර බැඳුම්කර සම්බන්ධයෙන් සාපාරාධි විශ්වාෂය කඩ කිරීම ඇතුලු චෝදනා යටතේ නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා පවරා ඇත.

ඵර්පචුවල් ටෙෂරීස් සමාගමට එල්ල වී ඇති චෝදනාවලට සමග සම්බන්ධ කොට ඇති මෙම නඩුවේ විත්තිකරුවන් වු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්, ඵර්පචුවල් ටෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්,කසුන් පළිසේන, ඇතුලු විත්තිකරුන් 11 දෙනකුට එරෙහිව නීතීපතිවරයා  දණ්ඩ නීතී සංග්‍රහය” පොදු ද්පළ පනත” ඇතුලු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.



අදහස් (0)

බැදුම්කර නඩුවෙන් රවි ඇතුළු පිරිස නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site