(නිමල කොඩිතුවක්කු)
භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරීමේ ‘බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ‘ හිමිකම්පත් ප‍්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (26) සිදුකෙරිණ.
භික්ෂු රක්ෂණය ලබාදීම සංකේතවත් කරමින් දෙදහසක් භික්ෂූන් වහන්සේ සඳහා රක්ෂණාවරණ පිරිනැමුනු අතර මේ සඳහා මහානායක හිමිවරු, අනුනායක හිමිවරු ඇතුළු මහා සංඝ රත්නය වැඩම කර සිටියහ.
‘බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය‘ අදියර තුනක් යටතේ ක‍්‍රියාත්මක බවත් එහි පළමු අදියර ලෙස සියලුම භික්ෂූන් වහන්සේලා රක්ෂණය කරන බවත් බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පැවැසීය.
‘බුදුපුත් සුරක්ෂා රක්ෂණය‘ මගින් භික්ෂූන් වහන්සේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබීමේදී රුපියල් ලක්ෂ දෙකක උපරිමයකුත්, රජයේ රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලැබීමේදී දිනකට රුපියල් තුන්දහසකුත්, හදවත් සැත්කම් සඳහා උපරිමය ලක්ෂ දහයක මුදලකුත්, පිළිකා රෝග සඳහා උපරිමය ලක්ෂ පහක මුදලකුත්, වකුගඩු රෝග සහ මොළයේ සැත්කම් සඳහා උපරිමය ලක්ෂ දොළහක මුදලකුත් ඇතුළු රක්ෂණ ප‍්‍රතිලාභ හිමිවේ.
මෙම අවස්ථාව සඳහා කතානායක කරු ජයසූරිය, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)





COMMENTS
මේ රක්ෂණයේ නම වෙනස් වුනා නම් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.
හාමුදුරුවරු සුරැකීමට වෙනත් ක්‍රම ඕනෑතරම් තිබියදී කෝටි ගණන් ණය අරගෙන මහජන මුදල් මෙලෙස වියදම් කරන්නේ ජනතාව රවටා ඡන්ද කඩා ගැනීමට නොවන්නේද? රට සුරකින්න බැරි අගමැති පිටරටට අපේ මව්බිම ටිකින් ටික විකුණමින් රට විනාශ මුඛයට ගෙනියනකොට හාමුදුරුවරුන්ගේ සුරක්ෂාව ගැන තවත් මොන විහිළු කතාද?
ඡන්දය ලං වෙනකොටද බුද්ධ පුත්‍ර ආරක්ෂාව ගැන හිතිලා තියෙන්නේ? ඡන්දයෙන් දිනපු අලුත මේවා මතක් වුනේ නැද්ද?
බෞද්ධ අපට ඇති එකම රක්ෂණය ධර්මාණුකූලව ජීවත්වීම බව බුදුපියාණන් වහන්සේ වදාළහ.
තෙරුවන් සරණ තමයි හොඳම රක්ෂණය.