IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


බුද්ධි තොරතුරු ලොක්කා ඉල්ලා අස්වෙයි

රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා අද (8 වැනිදා) දහවල් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව හමුවට කැඳවූ සිසිර මෙන්ඩිස් මහතා සෞඛ්‍ය හේතු මත සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (15)

බුද්ධි තොරතුරු ලොක්කා ඉල්ලා අස්වෙයි

krishantha Saturday, 08 June 2019 11:30 AM

කැකිල්ලේ නියෝගයක් දුන්නද දන්නේ නැහැ

:       444       722

Deen Saturday, 08 June 2019 11:58 AM

ජනතාවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය දැනගැනීමට අයිතියක් තියෙනවා.

:       100       307

[email protected] Saturday, 08 June 2019 12:41 PM

සියල්ලට වඩා පාර්ලිමේන්තුව උත්තරිතරයි කියපු අය තේරිම් කමිටුවට කැදවිමට විරුද්ධත්වය පලකරනවා. ඔබලා සියලු දෙනා වගකිම් පැහැර හැර අවුරුදු කා ඇති බව පෙනේ ඉතින් යාම හැර කුමක් කරන්නද

:       545       656

dias Saturday, 08 June 2019 12:53 PM

කාරක සභා රැස්වීමේදී හෙළි වුනු දෙයක් නම් ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ රාජ්‍ය බුද්ධි අංශයෙන් සහ ජාතික බුද්ධි අංශයෙන් පොලිස්පතිවරයාට ලබා දුන් බුද්ධි තොරතුරු වල සැලකිය යුතු පරස්පර විරෝධී බවක් තිබීමයි. මොහුගේ සේවයෙන් නික්ම යාම එම සිද්ධියට හේතු වුවා විය හැකියි.

:       619       24

සේන Saturday, 08 June 2019 02:27 PM

මෝඩ දේශපාලන තීරණ අරගෙන රටේ සියලු රහස් ලෝකෙටම එළි කරනකොට කවුද තම රාජකාරිවල ඉන්නෙ? අපේ රට ඉවරෙටම ඉවර කරලයි මේ දේශපාලකයො පස්ස බලන්නේ.

:       128       1055

Rata Perata Saturday, 08 June 2019 04:33 PM

අස්වෙලා හරි කමක් නෑ, ඇත්ත කතා කරන්න රට වෙනුවෙන්.

:       527       669

d.upul Saturday, 08 June 2019 05:40 PM

මේ ප්‍රශ්නය හරිම සරලයි. බුද්ධි තොරතුරු පිලිබඳ හෙළිදරව්වක් අවශ්‍ය නැහැ. පාස්කු ප්‍රහාරය ගැන දැනගෙනත් මේ මහා මිනිස් ඝාතනය වලක්වන්නට ක්‍රියා නොකළේ මන්ද? එයට වග කිව යුත්තේ කව්ද? ඉල්ලා අස්වෙලා තම වගකීම් වලින් කාටවත් බැහැ පැනල යන්න.

:       512       206

Kithsiri Ratnayaka Sunday, 09 June 2019 01:31 AM

බුද්ධි තොරතුරු ලොක්කා ඉල්ලා අස්වුණාද, අස්කරාද?

:       0       8

thilakasiri Sunday, 09 June 2019 04:08 AM

ඔබතුමන් බුද්ධිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වෙනවා. රටේ සිදුවන සියල්ල දැනගැනීමේ අයිතිය ප්‍රජාතන්ත්‍ර වාදී රටක වැසියන්ගේ පරම අයිතියකි. බුද්ධිඅංශ නිලධාරීන්ගේ ආරක්ෂාව රැකීමට සියලු පියවරයන් ගෙන ඒ ඒ අංශ වල ඒ ඒ දෙයට වගකිව යුත්තන් ලවා රටේ සිදුවන සියල්ල සියලු වැසියන්ට දැගැනීමට සැලැස් වියයුතුමය. මන්ද ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුල විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ජනතාවගෙන් නොවිමසා කිසිවක් නොකළයුතු නිසාය. එනිසා පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටනම් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන තුනෙහි සේවය කරන ජනපති ඇතුළු සෑම කෙනෙකුම කරන වරදට අධිකරනය මගින් දඩුවම් කලයුතුය. ඒ සදහා ස්වාධීන කොමිෂන් ඇතිකර තිබීම යහපත් වුවත් තවත් නීති බොහෝ අවශ්‍යය. අද අපේ රටේ පිර්සිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිනිසා විධායකය, ව්‍යවස්ථාධායකය හා අධිකරණය යන ආයතන ක්‍රියාකරන අකාරය පිළිබදව පුර්ණ විශ්වාසයක් රටේ මහජනතාව තුල නැත. මන්ද රටේ මහජනතාව කරකියාගත දෙයක් නැතිව අන්ත අසරණ කර බලවතුන් අධර්මය රජකරවයි. ස්වභාවධර්මය ඒ අධර්මිෂ්ට බලවතුන්ට මරණින් මතු දඩුවම් ලබාදෙන බව සියලු ආගමික මෙන්ම බුධිමත් ශාස්තෘන් පසක්කර ඇත.

:       183       133

shan Sunday, 09 June 2019 04:13 AM

කට්ටිය සේරම තමන්ගේ වැරදි වහගන්න එක එක කතා කියල මාරු වෙනවා මේකෙන් පෙන්නේ මේගොල්ල ජනපති ඇතුළු කණ්ඩායම මේ සියල්ල දැනගෙන ඉදල තියනවා රනිල් ආණ්ඩුවට අපහාස කිරීම හා ගෙදර යැවීම වෙනුවෙන් මේ ගොල්ල නිහඬවී ඉදල වැඩේ අවුල් වෙන කොට පොලිස්පති හා ආරක්ෂක ලේකම් දෙන්න බිල්ලට දෙන්න හැදුවේ දැන් ඒ දෙන්න ඇත්ත ලෝකෙට හෙළි කරනකොට ඉදිරියේ එන විනාශයෙන් බේරීමට මෙයාල තනතුරු අතාරිනවා රටේ ජනතාව හරක් කියල හිටගන ඉන්නවනම් එක මගහරවා ගන්න දැන් රටම දන්නවා උන සියලු දේ....

:       101       211

සමන්ත Sunday, 09 June 2019 04:19 AM

සිසිර මෙන්ඩිස් මහතාට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සත්‍යය හෙළිදරව් කිරීම නිසා පළි ගැනීමට ලක් වී ඇති බව පෙනේ. ඔහුට බලපෑම් කර ඇත්නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතා පරමාධිපත්‍යයට එල්ල කරන ලද මරු පහරකි. වහාම ඒ පිළිබඳ වගකිවයුත්තන් සොයා පාර්ලිමේන්තුව මගින් දඬුවම් කොට, පාර්ලිමේන්තුවේ ගොෟරවය රැකගත යුතුය.

:       0       4

nasa Monday, 10 June 2019 04:35 AM

මෙතුමාගේ තනතුර " ජාතික බුද්ධි ප්‍රධානී" මිස රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නොවේ. රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී තනතුර "රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක " නම් වේ.

:       0       0

iraan Monday, 10 June 2019 08:56 AM

මොකද මෙතුමාටත් පොලිස්පතිතුමාට වගේ ඉල්ලා අස්වෙන්න කිව්වද දන්නේ නෑ. මෙහෙම ගියොත් මහින්ද සමග නඩේ එක්ක තමයි යන්න වෙන්නේ කිව්වලු...

:       2       0

kamil Monday, 10 June 2019 08:58 AM

මෙහෙම දක්ෂ, පළපුරුද්ද ඇති නිලධාරින් ඉල්ලා අස්වෙන්න ගියොත් රටට වෙන දේ හිතන්න වත් බෑ.

:       0       0

karuna Monday, 10 June 2019 09:14 AM

මේ පලපුරුදු රජයේ නිලධාරීන් කලකිරිලා අපේ රට කොහෙටද යන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 309 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site