IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘බුදුදහමට කළ සේවය කිසිදා දේශපාලනිකව අලෙවි කළේ නැහැ’

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
ගතවූ වසර හතරහමාරක් තිස්සේ මේ තරම් පන්සල්වලට උදව් කළ යුගයක් නොතිබූ බවත්, එම සේවාවන් තමන් කිසිවිටෙක දේශපාලන වශයෙන් අලෙවි කළේ නැති බවත්, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද(10) මීරිගමදී පැවසීය.

සසුනට අරුණ වැඩසටහන යටතේ මීරිගම මැතිවරණ කොට්ඨාසයේ ලෝලූවාගොඩ ශී‍්‍ර විජයරාජාරාමයේ ඉදිකෙරන චෛත්‍යයට මුල් ගල තැබීමේ උත්සවයේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

කතානායක කරු ජයසූරිය මහතාගේ හා  එම්.කේ ජයසූරිය මහතාගේ සම්බන්ධිකරණයෙන්  හිටපු බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර එක්සත් ජාතික පක්ෂයේ මීරිගම ආසන සංවිධායක උදේන විජේරත්න මහතාගේ මැදිහත්වීම මත මෙම චෛත්‍යය ඉදිකෙරිණි.
 
එහිදී සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද පැවසීය.
 
“බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදීම ගැන උදේ හවස අපට ඇහෙනවා. එහෙම කියද්දී ඉරිදාට පන්සල්වල ගස් යට ඉදගෙන ළමයි දහම් අධ්‍යාපනය ලබනවා. සම්පත් අඩුකමින් දිවයිනේ පන්සල් වැසී යනවා. බුද්ධාගම සුරක්ෂා කරන වගන්තිය රැකගන්න  ඕනෑ කියලා සාකච්ඡා පවත්වනවා. පන්සල් පද්ධතියේ ධර්ම ශාලා සංඝාවාස, ධාතු මන්දිර, දහම් පාසල් ආදිය නැහැ. තරගෙට කරුණු ඉදිරිපත් කරන මේ යුගයේ තරු පහේ හතේ හෝටල්වල ඒ සදහා ධනස්කන්ධයක් වියදම් කරමින් බුද්ධාගම අනතුරේ කියනවා.   තමන්ගේ අනාගතය ගැන තණ්හාව නිසා මේ අය මෙහෙම කියනවා. ඔවුනට අසීමිත බලයක් තිබුණා. රාජ්‍ය මැදිහත්වීමෙන් දහම් පාසල්, චෛත්‍යය ඉදිකලාද? පන්සල් අඩුපාඩු ගැන බැලූවාද?

මේ නිසා තමන්ගේ අසීමිත ආශාවන් කෑදරකම් පෝෂණය කරන්න ගියාම සසුන අනතුරේ, පිරිහෙනවාආදි වශයෙන් ජනතා මනස විකෘති කරන අදහස් අද අහන්න ලැබෙනවා. නමුත් අපි මේ ආකාරයට ශාසනයට සේවාවක් කරද්දී බුද්ධ ශාසනය අනතුරේ කියා කියන්න පුලූවන්ද? මේ වනවිට ගස් යට පවත්වන දහම් අධ්‍යාපනය නැති කරන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. රුපියල් ලක්ෂ 40 බැගින් වෙන් කර දහම් පාසල් 300 ක් ඉදි කරන්න සූදානම්. ඔය කියන අයගේ කාලයේ මෙහෙම වුනාද? 

ශාසනයේ දියුණුවට ඇසට පෙනෙන හදට දැනෙන වැඩසටහන් කරනවා විනා කයිවාරුකම ප‍්‍රධාන කරගෙන කතා කිරීමෙන් සසුනට රටට ජනතාවට පලක් නැහැ. අද හැමෝම නවවැනි වගන්තිය ගැන කතා කරනවා. එහි ඇති ප‍්‍රතිපාදන කි‍්‍රයාවට පරිවර්තනය වෙනවාද? කයිවාරු බෞද්ධකම අතහැර ප‍්‍රායෝගික බෞද්ධයින් වෙන්න  ඕනෑ.
 
වසර හතර හමාරක් තිස්සේ මේ තරම් පන්සල්වලට උදව් කළ යුගයක් තිබිලා නැහැ. අපි කරපු දේවල් දේශපාලන වශයෙන් අලෙවි කළේ නැහැ. දේශපාලන වශයෙන් අලෙවි කළොත් විතරද බුද්ධාගම රැකෙන්නේ කියා රටක් හැටියට අපි ප‍්‍රශ්න කරන්න  ඕනෑ. මගේ පියාගේ දර්ශනය අනුගමනය කරමින් ප‍්‍රායෝගික බෞද්ධයකු වශයෙන් සියලූ අවශ්‍යතා සපුරන්නට මම ඇප කැප වෙනවා.”
 
ගම්පහ දිසාපති සුනිල් ජයලත් සහ හිටපු පළාත් සභා මන්ති‍්‍ර උදේන විජේරත්ත විහාරස්ථ චෛත්‍යප‍්‍රතිස්ඨාපන කමිටුවේ සභාපති තිලකරත්න අතුකෝරල යන මහත්වරු ද අදහස් දැක්වූහ.
 
ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති එඩ්වඩ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා, හිටපු පළාත් සබා මන්ත්‍රීවරුන් වන ආචාර්ය කිත්සිරි මංචනායක, ශිරන්ත අමරසේකර,  මීරිගම ප‍්‍රාදේශීය ලේකම් ඉන්දික සිල්වා, යන මහත්වරු ද ප‍්‍රදේශයේ පළාත් පාලන නියෝජිතවරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

‘බුදුදහමට කළ සේවය කිසිදා දේශපාලනිකව අලෙවි කළේ නැහැ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 854 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 967 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 390 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site