IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බුත්තල-සෙල්ලකතරගම මඟේ වන අලින්ට කෑම දුන්නොත් නීතිමඟට

(කේෂර ගුණතිලක)  

බුත්තල-සෙල්ලකතරගම මාර්ගයේ යාල ජාතික වනෝද්‍යානය හරහා ඇති කොටසේ දී වන අලින්ට ආහාර ලබාදීමෙන් වළකින ලෙස වනජීවී දෙපාර්තමේන්තුව එම මාර්ගයේ ගමන් කරන වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටිති.

එසේම එම මාර්ගයට කැළි කසළ නොදමන ලෙස ඉල්ලා සිටින වනජීවී නිලධාරීන් එම උපදෙස් නොපිළිපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව වනජීවී දෙපාර්තමේන්තුවේ ගල්ගේ කලාපයේ වනජීවී අඩවි ආරක්ෂක කේ ජානක ශාන්ත කුමාර මහතා පැවසීය.

යාල වනෝද්‍යානයේ කලාප අංක 3,4 සහ 5 යන කොටස් මැදින් බුත්තල සෙල්ලකතරගම මාර්ගය වැටී තිබෙන අතර එම ප්‍රදේශය තහනම් ප්‍රදේශයකි.

නමුත් වාහනවලට ගමන් කිරීමට අවස්ථාව ලබාදී ඇත. එසේ යන වාහන වලින් වන අලීන්ට කෑම වර්ග ලබාදීමෙන් අලින් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටින අතර අවස්ථා කිහිපයකදී වාහන වලට සහ පුද්ගලයින්ට බාධා සිදුවී ඇති බව වාර්තා වේ.

තවද කුණු කසළ සහ ෂොපින් බෑග්වල දමා දෙන ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් වන අලින්ගේ සෞඛ්‍යයට ද තර්ජනයක් වෙමින් පවතී.

මෙම තත්වය මත වන අලීන්ට කෑම දීම සහ මාර්ගය දෙපස කුණු කසළ දැමීම සපුරා තහනම් වන අතර නීති කඩ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට  මෙලෙස පියවර ගෙන තිබේ.

කතරගම ප්‍රදේශය භාර සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.පී.යූ ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් පරිදි රථ වාහන හිමියන් ඇතුළු ජනතාව දැනුවත් කිරීම සඳහා මාර්ගය දෙපස දැන්වීම් පුවරු සවිකිරීමට පියවරගෙන  ඇත.



අදහස් (5)

බුත්තල-සෙල්ලකතරගම මඟේ වන අලින්ට කෑම දුන්නොත් නීතිමඟට

Champa Tuesday, 15 September 2020 08:53 AM

කොච්චර එපා කිව්වත් එම වැරැද්දම නැවත නැවත කරනවා. හේතුව අලින්ට ෂොපිං බෑග් වල කෑම දීපු කාටවත් දඬුවම් කරලා නැහැ.

:       0       117

ali Tuesday, 15 September 2020 09:54 AM

අනේ උන්නැහේ, දන්න කෙහෙල්මල... අපි කන්නේ බොන්නේ නැතිව ඉන්නද කියන්නේ? ඔක්කොම කැලෑ කපලා.. කන්න දෙයක් හොයාගන්න නැහැ.

:       63       8

ChampaTuesday, 15 September 2020 11:55 AM

ඒ කන්නේ කෑම නෙමෙයි වහ... වන සතුන්ට කෑම දෙන එක වනජීවී දෙපාර්තමේන්තුවේ වැඩක්. පාලිත තෙවරප්පෙරුම වනජීවී ඇමති කාලේ දඹුල්ලේ ගිහින් පලතුරුයි, එළවලුයි ලොරිවලට එකතු කරන ගිහින් කැලේ සත්තුන්ට කන්න දුන්නා මට මතකයි. තව ඈතගමක ගම් වැසියෙක් තමන්ගේ වත්ත උඩින් යන වල් අලියට කන්න දෙන්න කතරගම ගිහින් කොමඩු අරන් ඇවිත් වල් අලියා යන පාරේ තැනක තියනවා කියලා ප්‍රවෘත්තියක් මම දැක්කා ගිය අවුරුද්දේ...

:       0       63

Champa Tuesday, 15 September 2020 09:20 AM

ලංකාවට තියෙන ප්‍රශ්නය මිනිස්සු දඬුවම් නොදකින එක. මිනිස්සු දකින්නේ අපරාධ විතරයි. දඬුවම් දකින්නේ නැහැ. මිනිස්සු දකින්නේ එක්කෝ නිදැල්ලේ ඉන්න, එක්කෝ ඇප ලැබිලා ගෙදර යන, එක්කෝ අභියාචනා කරලා ගෙදර යන, එක්කෝ දේශපාලකයින්ගේ පිහිටෙන් ගෙදර යන, එක්කෝ අත්හිටවූ සිරදඬුවම් ලැබිලා ගෙදර යන, එක්කෝ ලිහිල් සිර දඬුවම් ලැබිලා ගෙදර යන, හිරේ ගියත් නිවාඩු නිකේතනයක වගේ සැප විඳින, උපවාස කරන, ඉස්පිරිතාලේ යන, පාර්ලිමේන්තු යන අපරාධකාරයන්. දඬුවම් නොදකින හින්දා මිනිස්සු වැරදි කරන්න බය නැහැ. නැත්නම් අලියෙක් මරපුවාම දඬුවම, මරණ දඬුවම. නමුත් මිනිස්සු බය නැතුව අලි මරනවා. ජනාධිපතිවරණයට කිට්ටුව මරා දමපු ගැබ්බර ඇතින්නන් 7ත් එක්ක, ගිය අවුරුද්දේ අලි ඇතුන් 361ක් මරාදාලා තියෙනවා. නමුත් 361කට මරණ දඬුවම ලැබුණද? අපරාධකාරයින් ඇප ලැබිලා ගෙදර ගියා. 2018 අලිඇතුන් 314ක් මැරුවා. මරණ දඬුවම ලැබිලා හිරේ ඉන්නේ කවුද? 2020 මාස 8ට දිවියන් 8ක් මරා දාලා තියෙනවා. ඉතා දුර්ලභ කළු දිවියාවත් මරා දැම්මා. කාටවත් මරණ දඬුවම ලැබුණාද? මිනිස්සු හිතනවා පොලිසියෙන් හෝ වනජීවියෙන් බේරෙන්න බැරි වුණත් උසාවියෙන් බේරෙන්න පුළුවන් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ එතන...

:       0       1147

val ali Tuesday, 15 September 2020 09:52 AM

බෝඩ් ලෑලි අටවන අය අහුවුණොත් උස්සලා පොළවේ ගහනවා.

:       117       14

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31115 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13240 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site