(එම්.එන්. පියරත්න)
බුත්තල කුකුරම්පොල ප්‍රදේශයේ පිහිටා ඇති යකඩ නිධිය වර්ග කිලෝමීටර් 26 ක් පුරා විහිදී ඇති අතර එහි යපස් ටොන් මිලියන 86කට වැඩි ප්‍රමාණයක් තැන්පත් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය මගින් කළ පර්යේෂණවලින් හෙළි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා ප්‍රකාශ කළේ රජයේ වැඩ සටහනකට අනුව පනිරෙන්ඩාව සහ කූකූරම්පොල පිහිටි මෙම යකඩ නිධිවල කැණීම් කටයුතු සිදු කරගෙන යන බවය.
මෙම නිධි වලින් ඉහළම ප්‍රයෝජන ලබාගැනීම සඳහා පරිසර අමාත්‍යාංශයේ සහ කර්මාන්ත අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇත. අමාත්‍යාංශ දෙකම ඒකාබද්ධ වැඩසටහනක් මගින් මෙම නිධිවල ඇති ඛනිජ ද්‍රව්‍යවලින් ආදායම ඉහළ නැංවීමට කටයුතු කෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව හෝ රටේ ආර්ථිකය ඉහළ නැංවීමට මෙමගින් බලාපොරොත්තු වෙන අතර භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය මේ සම්බන්ධයෙන් සැලැස්මක් ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
2009 වසරේ යුද්ධය ඉවර වෙලා චීනය එක්ක කරපු අවධිමත් සහ දුෂිත ව්‍යාපෘති නිසා ලංකාව මේ ණය උගුලේ හිරවුණා කියලා ඕන පොඩි කෙනෙක්ට තේරෙනවා. අන්තිමට ණය අරන් හදපු දේවල් ණය දුන්නු චීනාටම දුන්නා කුණු කොල්ලෙට. දැන් රටේ තියෙන ස්වභාවික සම්පත් හිතුමතේ විනාශ කරනවා. මොන හිතකින් මෙහෙම කරන්න පුලුවන්ද මනුස්සයෙක්ට?
අප තරයේ විශ්වාස කරනවා මෙම සම්පත්වලින් රට දියුණුවට රටට අවංකවම ආදරය කරන පුරවැසියන්ගේ පුර්ණ සහභාගිත්වයෙන් උපරිම සේවයක් වෙයි යන්න.
සේරුවාවිල රත්‍රන් නිධිය හාරලා ඉවරවෙලාම මේ යපස් නිදිය හාරන්න. කොහොම වුණත් ඡන්දෙ ළං වෙනකොට ලංකාවේ කොහේ හරි නිධියක් පහළ වෙන එක අපිට දැන් හොඳට පුරුදු දෙයක්..
පොළොන්නරුව පැත්තෙන් හාල් නිධියකුත් හම්බවේවා...!!!
බයියන්ට දෙන්න පුන්නක්කු නිධියක් හොයාගන්න..
හෙට සීගිරිය ගල උඩටත් තෙල් හම්බවෙයි.
ඡන්දෙට කලින් කසකාරයෝ එනවා වගේ...
මන්නාරමේ ගෑස්, තෙල් නිධි ගොඩදාලා ඉවරද?
දැන් ඔය පස් ගත්තාම, එතැන මිරිදිය මසුන් ඇතිකරන්නත් පුළුවනි නේද?
ඡන්දයක් එනකොට හැමදා.. නිධි එක දෙක හම්බෙනවා.. දියුණුවට පස්සේ ඒ අය නිදිසේ ගොරවනවා.. මේවා බලබලා මහජනයා රැවටෙනවා... තේරුම් ගන්න ඔවුන්ගේ මොළ ඉක්මණටම පෑදේවා!!!
මම අහලා තියෙනවා ලංකා පොළවේ ඉතාමත් සුළු වශයෙන් විවිධ ලෝහ වර්ග තියෙනවා. ඒවා ලබාගන්න එක ආර්ථික වශයෙන් ලාභදායක නැහැ කියලා. ඉතින් මේක තේරුම් ගන්න බැරි අපේ කට්ටිය හිතනවා මේක ලොක්කගේ පිනට පහළ වෙච්චි නිධානයක් කියලා.