
(අංජුල මහික වීරරත්න)
වැඩිවන ජීවන වියදම සහ බඩු මිල අඩු කරන්නැයි රජයට බලපෑම් කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ උද්ඝෝෂණයක් කොළඹ ලිප්ටන් වටරවුමේ දී අද පස්වරුවේ පැවැත්විණි.
විරෝධතා පාඨ කියමින් ලිප්ටන් වටරවුමට පැමිණි විරෝධතාකරුවෝ ගෑස් ටැංකි මෙන්ම පොල් හාල් උර ආදිය ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.
අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් විරෝධතා රැලියක් ද පැවැත්වුණු අතර එම අවස්ථාවට පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක,හිටපු අමාත්‍ය නවීන් දිසානායක,ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක,රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත්වරුද පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගි වූහ.
විරෝධතා ජනරැලිය අමතමින් එක්සත් ජාතික පක්ෂ නායකයන් පැවසූයේ හාමතේ සිටි ජනතාවට අයවැය මගින් තවත් බඩේ පහරක් ගැසූ බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උද්ඝෝෂණය නිසා ආණ්ඩුවට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් සජිත්ගේ බොක්ක උණුවෙලා ඇති... මේ කට්ටිය කොහේ ඉඳලද ආවෙ කියලා...
තමන්ගේ ආණ්ඩුව තිබුණු කාලේ අපි අඩුවට බඩු ගත්තා. හොඳින් මතකයි. අනේද කියන්නේ? විපක්ෂයවත් නැති වුණාම මතක් වෙන දේවල්...