(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රටට පලාගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන" බඩෝවිට අසංක" නමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු රුපියල් ලක්ෂ 20කට අධික වටිනා මත්කුඩු තොගයක් සමග පිලියන්දල පැලවත්ත මහල්වරාව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි.
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 146 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අද කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෙම මොලයක් තියෙන කෙනෙකුට තේරෙන්න ඕනේ මේ කුඩු ගෙනාව මුදලාලිලා දියවන්නාවෙත් ඉන්න වග.. ඔක්කොටම ඉස්සෙල්ලා උන්ව අල්ලන්න ඕනේ. මේ හාල්මැස්සෝ අල්ලලා ඇති වැඩේ මොකක්ද?
අම්මෝ මාර වැඩේ... දැන් ඉතින් ඇමැති කෙනෙක්ට කියන්න වෙයි බේරගන්න.