(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම බටලීය ගම්මානයෙන් පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන්  112 ක් වාර්තා වී  ඇතැයි සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති .

මීරිගම ප්‍රදේශයෙන් දිනකට රෝගීන් හතළිහත් පනහත් අතර ප්‍රමාණයක් වාර්තා වී ඇත . බටලීය ප්‍රදේශයේ පැවති මළගෙදරකට සහභාගි වූ පිරිස් විශාල වශයෙන් ආසාදිතයින් බවට පත්ව ඇති බව අනාවරණය වී ඇතැයි ද මේ හේතුව නිසා කොරෝනා ආසාදනය වීමේ තර්ජනයට ලක්ව ඇති ආශ්‍රිතයන් ප්‍රමාණය ගණනය කිරීමට පවා අපහසු තත්වයක් පවතින බව ද සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.

තවදුරටත් කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා සියලු ජනතාව දැඩි සැලකිල්ලෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ද මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.