(ඉන්දිකා රාමනායක ) 
 

දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා   අද (24)  වතුකම්කරුවන්  ගාලුමුවදොර පිටියේදී   ඇරැඹු උද්ඝෝෂණය මීට සුළු වේලාවකට පෙර  බැටන් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේය.


වතු  කම්කරුවෝ   අද උදෑසන සිට  පැය අටකට අධික කාලයක්  මෙම විරෝධතාවයෙහි නිරතව සිටියහ.