(ඩී.ජී.සුගතපාල)
කොග්ගල මෝදරගොඩදි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මල්ලි විසින් අයියාට පහරදි කොග්ගල ඔයට දමා ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කොග්ගල මෝදරගොඩ පදිංචිව සිටි 69හැවිරිදි ධිවර කාර්මිකයෙකි.
සැකකාර මල්ලිද ධිවරයෙකු වන අතර ඔරුවක් සම්බන්ධයෙන් දෙදෙනා අතර කලක පටන් ආරවුලක් පැවති බවත් සැකකාර මල්ලි බිමත්ව අද (07) අලුයම 1.30ට පමණ අයියාට පහරදි ඔයට දමා ඇති බවත් පසුව අසල්වාසින් ඔහු ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අශෝක කරුණාරත්න මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බෝට්ටු පලහිලව්වට මල්ලී අයියා මරලා