IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බෝගස කපා බිම හෙළීමෙන් කුරුළු කැදළි විනාශ වී කුරුල්ලෝත් මරු දකිති

 

 

කුරුණෑගල දම්බොක්ක දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ඇති  ඉපැරණි බෝ ගසක්  කපා දැමීම නිසා  එහි  වාසය කළ පක්ෂීන් විශාල ප්‍රමාණයක් එම ස්ථානයේ මිය ගොස්  ඇත.

 තවත්  පක්ෂින් විශාල ප්‍රමාණයක් තුවාල වී  තැන තැන වැටී සිටින අතර  පක්ෂි කැඳලි සහ  බිත්තර විශාල ප්‍රමාණයක්ද  විනාශ වි තිබේ.

මෙම සිදුවීම සැළවීමත් සමඟ පරීසරවේදීන්  එම ස්ථානයට පැමිණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි.

 අද (10) වනජීවී සංරක්ෂණ නිලධාරීන් එම ස්ථානයට පැමිණ  තුවාල ලබා සිටි පක්ෂින් පශූ වෛද්‍ය අංශය වෙත යොමු කිරීමට කටයුතු කළේය.

 එම අවස්ථාවේදී  මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වු  වනජීවී සංරක්ෂණ නිලධාරියකු පවසා සිටියේ පක්ෂි කැඳලි සහිත පක්ෂීන් වෙසෙන වෘක්ෂ කැපීමට පෙර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළයුතු  වුවත් දුම්රිය දෙපාර්තමේන්තුව එසේ කොට නොමැති  බවයි.

එම  බෝ  වෘක්ෂය කැපීමෙන් මිය ගිය පක්ෂීන්ගේ මළ සිරුරු දුම්රිය මාර්ගය අවට සහ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවට දක්නට ලැබුණු අතර බිත්තර බිදුණු පක්ෂීන් එම කපා දැමු ගසෙහි කඳ මත සිට විලාප නඟන බවත් ඒ අසළින් යන එන පිරිස් පවසති.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊට වගකිව යුතු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට  උත්සාහ කළද එය අසාර්ථක විය.

(36698)



අදහස් (2)

බෝගස කපා බිම හෙළීමෙන් කුරුළු කැදළි විනාශ වී කුරුල්ලෝත් මරු දකිති

Uditha - London Monday, 10 December 2018 10:19 AM

සත්තුන්ගේ වුනත් ඕවා තමා රටට වෙන සාපය... ගහක අත්තක් කපන්නේත් ඉස්සර අපේ ආතා ගහට වැඳලා, ගහෙන් සමාව අරන්... විශාල ගහක් කපන්න කලින් ගසේ ඉන්න සත්තුන්ට පිළිවෙලක් කරන්න ඕන ඔක්කොටම කලින්... පව් අහිංසක අසරණ සත්තු...

:       0       5

kamal Monday, 10 December 2018 10:34 AM

දුම්රිය දෙපාර්තමේන්තුව තරම් මේ රටේ වනසතුන්ට විනකරන රාජ්‍ය ආයතනයක් නැති තරම්... මෙච්චර තාක්ෂණය දියුණු යුගයක පවා අලි කීදෙනෙක් සතියකට මැරෙනවද? රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීමේදී බුද්ධි මට්ටම් පරීක්ෂාවට අමතරව හදවතේ සංවේදී බව මැනීම ඉතාමත් අවශ්‍ය කාරණයකි.

:       0       245

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site