IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බංග්ලාදේශයේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවක විකාශනය නවතා දමයි

 

බංග්ලාදේශයේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවක විකාශය නවතා දමා ඇතැයි වාර්තා වේ. 

“කේබල් ක්‍රියාකරවන්නන් කිසිවක් පැහැදිලි නොකර විකාශය නතර කර දැමුවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම රූපවාහිනි නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ ෆහීම් අහ්මද් පැවැසීය
.
මෙසේ විකාශය නවතා දමා ඇත්තේ බංග්ලාදේශයේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවක් වන ‘ජමුනා ටීවී’ රූපවාහිනි නාලිකාවේය. 

“අපි තවමත් සම්ප්‍රේෂණය කරනවා. එහෙත් බංග්ලාදේශයේ සිටින කිසිවකුටත් අපේ නාලිකාව බලන්න බැහැ. නාලිකාවේ විකාශය සම්පූර්ණයෙන්ම නවත්වලා. එහෙත් අන්තර්ජාලය ඔස්සේ නාලිකාව බලන්න පුළුවන්” යැයි හෙතෙම කීවේය. 


මෙම රූපවාහිනි නාලිකාව බංග්ලාදේශයේ විශාලතම සමාගම්වලින් එකකට අයත් එකක් වන අතර මේ සමාගම යටතේ පුවත්පතක් ද මුද්‍රණය කරයි. රූපවාහිනි නාලිකාව මෙන්ම පුවත්පත ද අපක්ෂපාතී වාර්තාකරණයක් ගෙන එන බවට ප්‍රසිද්ධියට පත්ව තිබිණි. 


සමාගම අයත් පවුලේ සාමාජිකාවක වන සල්මා ඉස්ලාම් බංග්ලාදේශ මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නීය. ඇයගේ ප්‍රතිවාදියා වී ඇත්තේ පාලක පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වී සිටින ව්‍යාපාරිකයෙකි. 


බංග්ලාදේශ මහ මැතිවරණයේ ඡන්ද විමසීම ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ අද (30) පැවැත්විණි. ඡන්ද විමසීම පැවැති කාලයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.


මේ අතර බංග්ලාදේශ ආණ්ඩුව මාධ්‍ය මර්දනය දියත් කර ඇතැයි ද චෝදනා එල්ල වී තිබේ. 


(ඒ.එෆ්.පී ඇසුරිනි)

(055)



අදහස් (0)

බංග්ලාදේශයේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවක විකාශනය නවතා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site