අජන්ත කුමාර අගලකඩ
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්ම වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හරිනු ලබන බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියයි.
එම ආයතනවල සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින්මින් මෙම පියවර ගන්නා බව ආරංචි මාර්ග කියයි.
ඒ අනුව එම ආයතනවල අක‍්‍රමිකතා පිළිබදව වෙන වෙනම පරීක්ෂණ ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
අශ්වයා ගිහිල්ලද මන්දා
මුදල් ඇමති තුමා පත්තරෙන් මේක දකින්න ඇති.
අධ්‍යක්ෂ මණ්ඩල පත්කළේ කවුරුන්ද? තර තිබෙන හොරකම් මහජනයා වෙත හෙලි කරන්න. ආයතන තුනේ හිටපු අධ්‍යක්ෂ වරුන්ගේ නම් ගම් විසිතර මාධ්‍ය මගින මහජනතාව දැනුවත් කරන්න. මේ අය කවුරුන් දැයි. දැනගැනීමේ අයිතියක් අපට ඇත. කර තිබෙන දූෂණ සොයා බලා මහජනතාව වෙත හෙළි කරන්න. අපගේ උතුම් රට කාබාසීනියා කරන්න ඉඩ තබන්න එපා.
කාගේත් කෙරුවාව එලි වීම ජනතාවට හොඳයි. වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන්න. කලින් ප්‍රබල නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් දැලට මාට්ටු විය. බල අරගලයක පෙර නිමිති.
බොහොම ස්තුති ජනාධිපතිතුමනි. බලාගෙන යනකොට හැම අස්සක් මුල්ලක් ගානේ ඉන්නේ හොරු රැලක් විතරක්ද? නිතිය හරියටම ක්‍රියාත්මක කරලා මුන්ගේ නිරුවත හෙළිකරන්න.
දැන්නම් ජනවාරි 8 අපි පත්කළ ජනපති කිසිම වග විභාගයකින් තොරව කව්රු හරි දෙන ඕනෑම ලණුවක් කාල...... බහුබූත ප්‍රකාශ නිතරම කරනවා වගේ........ ඇමෙරිකාවට ගියෙත් මහින්ද ස්ටයිල් එකට....... තොරතුරු දැනගැනීමේ පනත තමන්ටත් බලපාන බව මතක තියා ගත්තොත් හොඳයි.....
පිපල්ස් මර්චන්ටි බැන්ක් එක හොරා කන්න අාපු අය ගෙදර යවන්න.. නීති අංශයේ නිලධාරිනිය වහාම අත්අඩංගුවට ගන්න.
පීපල්ස් මර්චන්ට් බැංකුව විනාශ කරපු නිලධාරිණිය විගණනයට ලක් කරනු. මහජන මුදල් මිලියන 4000 ගසා කාපු අය නිදැල්ලේ...