
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පි.සි.ආර්.පරික්ෂණයකදි දැඩි වේදනාවක් ඇති වු බවට උරණ වු හිමිනමක් අදාල පරික්ෂණය සිදුකල හෙදියට එම ස්ථානයේ තිබු විදුරු පිගානකින් පහර කෑමට ලක් වූ හෙදියක බරපතල තුවාල ලබා රෝහල් කළ බවත් සිද්ධියට සම්බන්ධ හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බවත් ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික රෝහලේ කෝවිඩ් ඒකකයේ රාජකාරි වල නිරතවි සිටි හෙදියක් බව කියයි.
උණ හා සෙම් රෝගයක් හේතුවෙන් ආණමඩුව මුලික රෝහලට ඇතුළත් කර සිටි ආණමඩුව කුමාරගම විහාරස්ථානයක හිමිනමකගේ පි.සි.ආර් පරික්ෂණයක් සිදුකිරිමට අදාල පි.සි.ආර් සාම්පල ලබා ගන්නා ස්ථානයට කැදවා එම ස්ථානයේදි අදාල පරික්ෂණය සිදුකරමින් සිටියදි එම හිමිනමගේ කේඨ ලබා ගැනිමේදී වේදනාවක් ඇතිවු බව පවසමින් අසල තිබු විදුරු පිගානින් හෙදියට පහර දි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවර්ණය වි ඇති බව පොලිසිය පවසයි.
හිමිනම විසින් විදුරු පිගානින් හෙදියගේ හිසට පහර දිමත් සමග හෙදිය එකවර විලාප දෙමින් බිම ඇද වැටි ඇති බව කියයි.
පසුව රෝහල් කාර්ය මණ්ඩලය කඩිනමින් පැමිණ හෙදියට ප්‍රථිකාර ලබා දිම සදහා රෝහල් ප්‍රාථමික වෛද්‍ය ඒකකය වෙත යොමු කර ඇත.
ඒ සමගම සිද්දියට සම්බන්ධ සැකකාර හිමිනම රෝහල් කාර්ය මණ්ඩලය විසින් අල්ලා පොලිස් නිළධාරින්ට බාර දිමට කටයුතු කර ඇත.
පහරදීමට යොදා ගත්පි ගාන කුඩා කැබලිවලට කැඩි ගොස් ඇති ආකාරය දැක ගත හැකි විය.
ආණමඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි පද්මිනි අබේරත්න මහත්මිය පැවසුවේ විදුරු පිගානින් පහර කෑ හෙදියගේ හිසට දරුණු තුවාල සිදුව ඇති බවත් ඇය ආණමඩුව රෝහලින් ප්‍රථිකාර ලබා දි කඩිනමින් වැඩි දුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවිමට කටයුතු කළ බවය.








COMMENTS
මේ නිගා දුන්නේ අරහත් ධජයට
මීට පස්සේ ඔය වර්ගයේ කට්ටියට pcr කරන්න එපා. මිනී කාමරයට දාලා වහන්න. මේ අය මහා දාමරිකයන්....
ධර්මය හොඳින් අවබෝධ කරගත් හිමිනමක්...! ශාසනයට කාගේ පිහිටක්ද?
මදැයි, පී.සී. ආර් කළා.. උදව්වට ආපු හෙදියට මෙහෙම කරන අය තමයි, පෝය දවසට කරුණා මුදිතා ගුණය ගැන බණ දෙසන්නේ... පිඟානක් අහු නොවී ළඟපහතක පිහියක් වගේ මුවහත් දෙයක් අහුවුනොත් ඒකෙනුත් දමලා අනී. පුදුම වෙන්න දෙයකුත් නැහැ ඉතින්, ලංකාවේ වෙන දේවල් ගැන බැලුවාම.. තුවාල ලැබූ හෙදියට ඉක්මන් සුවය පතමි..!
නුඹ නාඩන්.., නුඹ නාඩන්... අපිට මේවා හොඳ පාඩම්..!!!
අපේ සංඝ නායක උන්නාන්සේලා මොකද මේ ගැන දේශනා කරන්නේ? කොහොමද මහා සංඝරත්නයේ වැඩකිඩ?
සිවුරු දමා ගත් සියලුම දෙනා බෞද්ධ පුතුන් නොවේ... ඔය සිවුර අස්සේ මැරයෙක්, කුඩ්ඩෙක්, කසිප්පු කාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක් ඉන්න පුලුවන්.., මෙයත් එහෙම කෙනෙක් වෙන්න ඇති..!!!
පිඟානකින් ගහන්න.. මොනතරම් කේන්තියක් ඇතිවෙන්න ඇතිද? වේදනාව දැණුන නිසාම කේන්තියක් ඇතිවෙන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනා මේ " හාමුදුරුවෝ " සිල්වත් කෙනෙක් නොවන බව. සිත ශීලයේ පිහිටුවාගත් කෙනෙකුට දැනෙන වේදනාව - නොදැනෙන ලෙස සිත වෙනත් අරමුණක පිහිටුවා සිටිය හැකියි. ඒකම තමයි කියන්නේ භාවනාව කියලා. සිල්වත් හිමිනමක් කවමදාකවත් මේ වගේ "පෝරිසාද" වැඩ කරන්නේ නැහැ. මට හිතෙන්නේ මේ අපේ බුදුන් වහන්සේගේ උතුම් වූ බුදුසසුන වැනසීමට පැමිණි. කහ ඇඳගත් ජූජක බමුණෙකි. ප්‍රවේශමෙන්...ඔය පෝරිසාදයාව ඇප දීලා බේරාගන්න හොර දේශකාපාලුවෙක් නාවොත් තමයි පුදුමේ. ඒ වගේම පහර කෑ හෙදි මහත්මියට විරුද්ධව ..චෝදනා ගොනුකරලා, කතාව ලස්සනට හදලා ..පැණි දාලා.. (මේ රටේ සිටින යුක්තිය පසිඳලන ඉතාමත්ම අවංක, නොනැමෙන සුළු, විනිශ්චයකාරවරුන්ට මගේ ගෞරවය සැමදා හිමිවේ) සිටින උසාවියකට.. ඉදිරිපත් කරලා අවුරුදු දෙක තුනක්වත් සිරගත කරන්නත් පුළුවන්. අමතක කරන්න එපා මේ ධර්මද්විපයයි...!!!
ගිහි මහ සමාජයේ එක මිනිහෙක් මිනී මරපුවාම ඔක්කෝම ගිහි මිනිසුන්ට මිනීමරුවන් කියන කෙනා මෝඩයෙක්ද? පිස්සෙක්ද? පැවිදි උප සමාජයේ එක හාමුදුරුවෝ කෙනෙක් වරදක් කරපුවාම ඔක්කොම හාමුදුරුවන්ට අපහාස කිරීම, බැනීම කරන අය මෝඩයන් පිස්සන් පමණි...
ජනතාවට හොඳින් ජීවත් වෙනහැටි දේශනා කරන හිමිනමක් වෙන්න ඇති...
පිංවත..., හොඳ වෙලාවට දැලි පිහිය ළඟ නොතිබුණේ...!
හාමුදුරුවෝ නේද හොඳටම කරලා තියෙන්නේ? බොරු නම් අර පිඟානත් කුඩුවෙලා තියෙන්නේ...!!!
මෛත්‍රී ගුණය වැඩියි වගේ උන්නාන්සේ ළඟ...!!
ඔය අර ටවුමේ හිඟමන් යදින තමන්ම සිවුරු දාගෙන හොරට මහණ වෙලා ඉන්න කෙනානේ... ඒ හාමුදුරු නමක් නෙවෙයි...
උදේ, සවස මිනිස්සුන්ගේ කන්බෙර පලන ලවුඩ්ස්පීකර් කන්දොස්කිරියාව නවත්වනු...!!!
මට ලියන්න දේවල් ගොඩක් තියනවා. ඒත් මම අවසානයේදී තීරණය කළා ඒවා එකක්වත් ලියන්නේ නැහැ කියලා...
පොහොට්ටුවේ සංඝ කෙනෙක් වෙන්න ඇති...
කොහොමද මහා සංඝරත්නයේ වැඩකිඩ වෙන්නේ? එක සිදූවීමක් නිසා...
අනුන්ට බණ දේශනා කරන හාමුදුරුවරුන්ගේ හැසිරීම මෙහෙම නම් ගිහියන් ගැන කවර කතාද?
මෙය කිසිසේත්ම නොසිදුවිය යුත්තක්, PCR පරීක්ෂණය තරමක් වේදනාගෙන දෙන්නකි. රෝහල් කාර්ය මණ්ඩලයද මේ වැනි දේ ගැන සැලකිලිමත් විය යුතුයි. රෝහල්වල මේ වැනිදේ බොහෝ සිදුවේ.. හැම රෝගියාම වේදනාව ඉවසා සිටිනවා හැරෙන්නට පිඟන්වලින් සෞඛ්‍ය සේවකයින්ට පහර දෙන්නේ නැත!. රෝහල්වල නිලධාරීන්ගේ නොසැලකිලිමත් බව නිසා ජීවිත පවා හානි සිදුවේ. ඔවුන්ගේ වෘත්තීය බලය නිසා එවැනි දේ යටපත් වේ... කෙසේවෙතත් හෙදියට පහර දීම හෙළා දකිමු.
සංඝ පීතෘවහන්සේ කෙනෙක්ගේ ටෙස්ට් කරනකොට වැඳලා ප්‍රවේශමෙන් කරන්න ඕනෑ බව මේ හෙදිය දන්නේ නැද්ද? උන්වහන්සේ අපවත් වුණා නම් ආනන්තරීය පාපකර්මයක් නේද?
බැසිල් ඇමැතිතුමත් කීයලා තිබුණා ලංකාවේ PCR කරන විදිය වැරදියි කියලා.
හැමෝටම සිවුරු දාන්න දුන්නාම ඔහොම වෙනවා. ලොකු තැන්වල අට පිරිකර ගන්න උන්දැලා දැන්වත් මේවා ගැන බැලුවා නම් හොඳයි.
මෙත්මල් පිබිදේවා...!!!
කාලකණ්ණි... සිවුරු දමාගත් මේ නරුමයින් අපේ පවට උපන්නේ...!!!
මේ ආණ්ඩුව ඕකට හෙදිය වැරදිකාරයා නොකළොත් තමයි පුදුමේ... ඔතන පිඟානක් තිබ්බේ ඇයි කියලා අහලා...
මේ හාමුදුරුනමක්ද? චීවරධාරියෙක්ද? මොනතරම් රිදුනත් සෞඛ්‍යමය කටයුත්තකදී ඉවසන්න වෙනව. රිදුනට හෙදිය වැරදිකාරයෙක් නොවෙයි. පිගානකින් පහරදී තුවාල සිදුකිරීම මහ අසික්කික වැඩකි.
මීට පසු පීසීආර් සාම්පල ගනිත්දී දෑත පිටුපසට කර මාංචු දැමිය යුතුයි.
මේ හිමිනමට දන්දෙන දායකයින් පරිස්සමින් දානය බෙදන්න වගබලා ගන්න...
බුද්ධ ධර්මයට නිගාවක්.. මොහු නියම භික්ෂුවක් නොවෙයි.
ඔය සිවුරු පොරවන් ඉන්න කට්ටිය බහුතරයකගේ හැටි ඔහොම්ම තමයි.
හොඳ වැඩේ, ගහන්න ඕනේ තමා, මුන් හරියට රිද්දනවා. වෙන රටවල ඔය වැඩේ කරනවා ගානක්වත් නෑ.
මමත් ඩුබායි වලදී PCR 20ක් පමණ කරලා තියෙනවා. ඒත් ලංකාවේදි මේ හෙදියෝ දෙන වද වල හැටියට හාමුදුරුවෝ ගහන එක සාධාරණයි.
පොඩි ළමයි මහණ කරන එක ඉක්මණටම නැවැත්වූයේ නැතිනම් ලංකාවේ ශාසනේනැති වෙලාම යනවා. මහණ වෙන්න ඕනෑ ජීවිතය ගැන තීරණ ගන්න පුළුවන් වයසට ආවාම.. ජීවිතේ ගැන වැටහුණාම..
මෙහෙම උන්දැලෑටද අපි දණගහලා වඳින්නේ... අහෝ සංඝ සමාජයට ගිය කලක්...!!!
එලොව යන්න සූදානම් වෙන්න ඉගෙන ගන්න කලින් මෙලොව සමාජයේ ශීලාචාරව ජීවත්වීම ඉගැන්වීම අප රටේ හැම ආගම්වලම වීෂය නිර්දේශයකටම ඇතුලත් කල යුතුයි. එසේ නොමැති නිසා තමයි ආගම් ඇදහීමෙන් රටේ විනයක් ඇතිවූ බවක් පේන්නට නැත්තේ. ඇය ගැන ඉතා කණගාටුයි.
හොඳයි, අද ඉඳලා අපිත් මේ වගේ අයට දුටු තැන ගහනවා...!!!
බුදු හාමුදුරුවන්ගේ කාලෙත් දේවදත්තලා හිටියා. දැනුත් ඉන්නවා. ඉදිරියටත් ඉඳීවි... ඒකයි ධර්මතාවේ...
හිර ගෙදරදී මෛත්‍රී භාවනාව පුරුදු කරගන්න