IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පී. එස්. එම්. චාල්ස් උතුරේ ආණ්ඩුකාර පුටුවට

(අජන්ත කුමාර අගලකඩ)
 
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි වාර්තා වේ.
 
ඇය පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් ඊයේ(18) පැවති කැබිනට් රැස්වීමටද ඉදිරිපත් කළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන චාල්ස් මහත්මිය මීට පෙර ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද කටයුතු කළාය.
 
ඇය ඊට පෙර මඩකලපුව හා වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද කටයුතු කර ඇත.



අදහස් (16)

පී. එස්. එම්. චාල්ස් උතුරේ ආණ්ඩුකාර පුටුවට

ශාන්ත Thursday, 19 December 2019 03:20 PM

නැගෙනහිරටත් දාන්නකෝ දක්ෂ පරිපාලන නිලධාරියෙක්ව... දැන් ඉන්න කෙනාගේ සුදුසුකම මොකක්ද?

:       680       348

ලැවොයිසියර් Thursday, 19 December 2019 03:22 PM

සුබපැතුම්...!

:       4       310

Mahee Thursday, 19 December 2019 04:11 PM

ඉතා දක්ෂ නිලධාරිනියක්. ආණ්ඩුකාරකම වගේ නිෂ්ඵල තැනකට දාලා අපරාදේ ඇගේ හැකියාවන් අපතේ යවන එක ගැන කණගාටුයි. අමාත්‍යංශ ලේකම්වරියක් ලෙස ඇයට මීට වඩා විශාල සේවයක් කළ හැකිව තිබුනා.

:       0       5

Sam Thursday, 19 December 2019 05:03 PM

නිවැරදි තේරීමක්. අපේ සුබපැතුම්...!

:       0       0

විජිත් Thursday, 19 December 2019 05:50 PM

සුබපැතුම්...!!! මම අහලා තියෙන විදිහට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සිටින දක්ෂ ඒ වගේම වැරදි කාටවත් හිස නොනමන සියල්ලන්ගේම ආදරය, ගෞරවය නොමඳව ලබන නිලධාරිනියක්...

:       0       13

Raveendra Thursday, 19 December 2019 07:39 PM

ඉතා හොද තීරණයක්. මෙතුමිය තම උපන් රට වෙනුවෙන් අවංකව හොද සේවයක් කල නිලධාරිනියක්. අප ඔබ තුමියට අපගේ උණුසුම් සුබ පැතුම් !! ඉදිරියටත් තමන් උපන් ඒ ලක් අම්මට අවංකව සේවය කිරීමට ඔබතුමියට හැකි වේවා !!

:       0       14

මුණසිංහ Friday, 20 December 2019 01:20 AM

හරි තේරීම් දිගටම සිදු කරන බව පේනවා. රටට හොඳ කලක් යන බවත් පේනවා. පක්ෂ-විපක්ෂ දූෂිත සියලු දේශපාලකයින්ටත් නීතිය ක්‍රියාත්මක කරාවි යැයි සිතනවා.

:       0       3

සමන් Friday, 20 December 2019 02:50 AM

පරිපාලන සේවයේ අය රට හරියට පරිපාලනය කළා නම් රට මේ තත්වයේ තියෙන්නේ කොහොමද?

:       14       0

MD Friday, 20 December 2019 03:18 AM

දමිළ, උගත් සිංහල නිලධාරියෙක් පත්කරන්න. ජාතිභේදයක සිට යෝජනා කරනවා නොවේ. විග්නේෂ්වරන් නඩුකාරයෙක් වෙලත් ඩයස්පෝරාවට යටවුණා. දුරදිග සිතා ක්‍රියාමාර්ග ගන්න.

:       0       1

කපිල Friday, 20 December 2019 03:50 AM

මංගලගේ බලපෑම් හමුවේ නොසැලී සිට තම කීර්තිනාමය රැකගත් මෙතුමිය දක්ෂ පාලිකාවකි.

:       0       25

රවින් Friday, 20 December 2019 05:12 AM

අවනීතියට නම් ඉඩ ඇහිරෙයි. හිවලුන්ට මිදි තිත්ත වෙයි. නීතිගරුක ජීවත්වෙන අවුරුදු ගණනාවක් දුක්වින්ද තැලිච්ච සැමට සෙත සැලසෙයි.

:       0       16

Nuwan Friday, 20 December 2019 06:32 AM

ඔබතුමියට මීට පෙර රාජකාරියේ ඉන්නකොට ප්‍රශ්න එනකොට ඔබට උදව් වුනේ බහුතර සිංහල නිලධාරින්. ඒ මොකද සිංහල අපි ළඟ ජාතිවාදය නැති නිසා. ඔබතුමියත් ජාතිවාදී නොවී එක එක කොටි රූකඩවලට අහු නොවී රාජකාරිය කරන්න වගබලා ගන්න.

:       0       33

eresh S kumara Friday, 20 December 2019 08:36 AM

අහලා තියන විදියට ප්‍රභාකරන් මහත්මිය ඉතා දක්ෂ නිලධාරිනියක්... සුබපැතුම් !!!

:       0       31

ස්වර්ණා මැණිකේ Saturday, 21 December 2019 10:15 AM

මෙයා කොටින්ට පක්ෂපාතියි. හැමදාම වගේ සිංහලයෙක් දාන්න.

:       129       0

ruchira pereraSunday, 22 December 2019 05:58 PM

මෙතුමිය ගැන අපි හැමෝම දන්නවා. එතුමියට පක්ෂ, පාට, ජාති, ආගම් භේදයක් නැහැ. මම කොළඹ රේගු කාර්යාලයේ ඉන්දැද්දී මෙතුමිය දූෂිතයින් රාශියක් සාක්ෂිපිට අල්ලා ගත්තා. මෙතුමිය කොටින්ට පක්ෂයි කියලා මම මේ ඇහුවාමයි.

:       0       42

sudeshSunday, 22 December 2019 06:02 PM

බොරු කියලා ඔබ ලබන සතුට කුමක්ද? මට නම් ඔබගේ ප්‍රකශය නිසා ඔබ ගැන මහත්වූ අප්පිරියාවක් තමයි ඇතිවුනේ. එතුමියට වැඩිපුරම පක්ෂ සිංහලයින් බව එතුමිය සමග වැඩ කරපු කවුරුත් දන්නවා. දක්ෂ නිලධාරිනියක්...

:       0       74

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31005 35


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13138 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10939 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 2 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site