(රංජන් කස්තුරි)
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් (පැෆරල්)සංවිධානය කියයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵල මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙන බවද ඒ අනුව ඒවා මුල්කර ගනිමින් නඩුපවරන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.
COMMENTS
දොස්තර පාදෙණිය උත්සවයකට ගියා කියලා මෙතන අදහස් දක්වපු උදවිය මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ? තමන් කඩේ යන අපේක්ෂකයා නිසා කමක් නැතුව ඇති...
දොස්තර පාදෙනිය එතන හිටියෙ සිවිල් පුරවැසියෙක් වෙනුවට මිස, දොස්තර කෝට් එකවත් දොස්තර නලාවත් ඇතිව නොවෙයිනෙ නේද.
දොස්තර නලාව සහ කෝට් එක තිබු පමණින් කිසිවෙකු දොස්තර කෙනෙකු නොවේ. දොස්තර චරිත රඟපාන නළුවෝ දොස්තරවරු නෙමෙයි නොවැ. ඒ වගේම නලාව සහ කෝට් එක නැති වූ පමණින් ඔහු දරන තනතුර අහිමි නොවේ. රජයේ සේවකයෙක් පැය 24 ම රජයේ සේවකයෙකි.
පිස්සු නැත්නම් හොඳයි.
බොහොම හොඳයි. නඩු පැවරීම ගැන අපේ බලවත් සතුට.. මේ අවභාවිතය නැවැත්විය යුතුයි. එ්ක හරිම නින්දිත ක්‍රියාවක්.. අපි අනුමත කරන අය කළොත් අවුලක් නැහැ කියන ජාතියේ මතවාද වලින් බැහැර වෙලා අපේ රට බේරා ගන්න කටයුතු කරමු. දොස්තර පාදෙණිය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ වෛද්‍ය නීතිඥ ගණකාධිකාරී වැනි තනතුරු කියන්නේ වෘත්තීයවේදීන්. ඒ අය ජීවිතය ඇති තාක්කල් එම වෘත්තිකයන් නලාවයි, කබායයි නැතුව හිටියා කියලා කවුරුවත් එයාට දොස්තර කියලා අමතන්නේ නැතුව ඉන්නවද? ඔව්,.. දේශපාලනය වෙනුවෙන් කඩේ යන බව අපි නම් ඒ කාලෙම දැකල දැනගෙන හිටියේ... මොකද දුප්පත් ලෙඩුන්ගේ ජීවිත ඇපයට තියාගෙන වර්ජන කරලා සයිටම් එක වැහැව්වට එ්ක අරින කාලේ පූසෙක් වගේ හිටියනේ...
කාට වුණත් හොඳ වැඩේ..!