(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය තෙලිස්සාගල හුණුගල්ඔය ප්‍රදේශයේ පොළොව ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම ගම්මානයේ පවුල් පහකට ඉන් ඉවත්වන ලෙස ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා දැනුම් දී තිබේ.
නාවලපිටිය කැටබුලාව ප්‍රධාන මාර්ගය යාබදව පිහිටි තෙලිස්සාගල හුණුගල් ඔය ගම්මානයට කොත්මලේ ජලාශය ඉදි කිරීමේදී එහි අවතැන් වූ පවුල් 300 පමණ ගෙනවිත් පදිංචි කර ඇති අතර තේ කර්මාන්තය ජිවනෝපාය කරගත් එම ගම්වාසින් පවසන්නේ මිට දින කිහිපයක සිට තම නිවැස් වලට පහළින් කුඩා වළක් ඇති වු බවය. එම වළ මේ වන විට දිනෙන් දින ක්‍රමක් ක්‍රමයෙන් ගැඹුරට ප්‍රසාරණය වන බවත් තවද පදිංචි නිවාස බිත්ති ඉරිතලා පුපුරා ඇති බවද ගම්මු පවසති.
එම වළට යාබදවම තේ වත්තේ ස්ථාන කිහිපයකින් එක වරම ජලය කාන්දුවීමක්ද සිදු වන බවත්, පවත්නා තත්ත්වය මත තම නිවාසවල පදිංචිව සිටිමට නොහැකි නිසා ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයාව දැනුවත් කර ග්‍රාමසේවා නිලධාරිවරයාගේ උපදෙස් පදිරි තමන් රාත්‍රි කාලයේදි පමණක් නිවාස වලින් බැහැරව ඥාතීන්ගේ නිවාසවල සිටින බවද ඔවුහු කියති.
තෙලිස්සාගල හුණුගල්ඔය ගම්මානය ගිලා බැසිම සම්බන්ධයෙන් අප කොත්මලේ ප්‍රාදේශිය ලේකම් සුරංගි පෙරේරා මහත්මියගේන් අප කළ විමසුමකට ඇය පවසා සිටියේ එම ගම්මානයේ ස්ථානයක් ගිලා බැසිම සමබන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම් දිමක් සිදු කර ඇති බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් පැමිණ පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන තෙක් තාවකාලිකව නිවාස පහක පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් ලබා දි ඇති බවයි.




2025 නොවැම්බර් මස 17
103
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
943
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2549
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පොළොව ගිලා බැසීමෙන් නාවලපිටියේ පවුල් 5 ක් ඉවත් කරති
sharm warn Thursday, 01 August 2019 06:27 AM
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විතරක් නෙමෙයි, මට හිතෙන හැටියට භූ විද්‍යා හා පතල් කැනීම් දෙපාර්තමේන්තුවත් මේ ගැන සෙවිය යුතුයි. ජනතාව ඉවත් කළ පමණින් ප්‍රශ්නය විසඳෙනවද? හුණුගල් ඔය කියන නමින්ම තේරෙන්නේ නැද්ද ඒ ගමේ පොළොවේ යට හුණුගල් ස්තර තියෙන බව? එහෙම වුණාම ඒ හුණුගල් තට්ටු අතරින් ජලය ගලනකොට හුණුගල් ඛාදනය වෙලා පොළොවේ ගිලාබැසීම් ඇති කරනවා.. අවට ඇති වනාන්තර ඉවත් වීමත් හේතුවෙන්න පුළුවන් ... ජනතාව පදිංචි කරවන විට මේවා සොයා නොබලා කටයුතු කර ඇති බව තමයි පෙනෙන්නේ...