(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදුජන එක්සත් පෙරමුණ ද එක් කොට පුළුල් සන්ධානයක් ගොඩ නැගිය යුතු බවට වන යෝජනාවක් ශ්‍රීලනිප පාර්ශ්වයෙන් ඉදිරිපත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය නොකරන බැවින් ,ඔවුන්ද සන්ධානයට එක්කර ගැනීමේ අරමුණෙන් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි .
විශේෂ යෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය යන දේශපාලන පක්ෂ සන්ධානයේ හවුල්කාර පක්ෂ නොවන බැවින් ඔවුන්ද මෙම සන්ධානයට එක් කරගත යුතුයැයි ශ්‍රීලනිප පාර්ශවයේ යෝජනාව වී ඇති බව වාර්තා වේ
මේ අතර ,එක්සත් ජනතා නිදහස් සන්ධානය නව ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ඉදිරියට ගෙනයා යුතු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති සන්ධානයේ විධායක සභා රැස්වීමේදී ද සාකච්ඡා වී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීපාල වැනි අසාර්ථක නායකයෙන් නැතිව සන්ධානය හදන්න පුලුවන්නම් සාර්ථක වෙන්ඩ පුලුවන්. නැතිනම් වලපල්ලම තමයි.
සිරිසේන විතරක් නෙවෙයි ඔකේ ඉන්න අනිත් අයත් කට විතරයි වැඩ නැති අය.
ලේබල් එක වෙනස් වුණාට ඇතුලේ තිබෙන්නේ පරණ කුණු ජරාව නම් ඕක මාකට් කරන්න බැරි වේවි. සර් ප්‍රමුඛ වියත්මගට රැවටිලා ඡන්දය දුන්න 69 ලක්ෂයම බයියන් නොවේ. ඒකෙන් 30%ක් පමණ සිහිබුද්ධියෙන් යුතු මිනිස්සු ඉන්නවා.
අපි ඔය පක්ෂ දෙකටම ඡන්දය දීම නතර කර ඇත.
තම තමාවම හදාගන්නවා මිසක් අවුරුදු 71ක් තිස්සේම රටට සිදුවූයේ කුමක්ද? රටට නිදහස ලැබූ අවධියේදී සිංගප්පූරුව හා දකුණු කොරියාව ආර්ථිකමය අතින් ලංකාවට වඩා ඉතාමත් පසුපසින් තමයි සිටියේ. වෙන එකක් තබා ජර්මනියේ ආර්ථිකය පවා අදට වඩා ඉතාමත් දුර්වල අවස්ථාවකයි පැවතියේ... අපේ රට විනාශය කරා ගෙන ආවේ කවුරුන්ද යන්න රටේ ජනතාවට දැන්වත් තේරුම් නොයන්නේ මන්දැයි මට නොවැටහේ...