(නිමල් ජයරත්න)
වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත් සුරංග අසේල ද සිල්වා මහතා අද (17) නියෝග කළේය.
සෞඛ්‍ය නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධව ප්‍රාදේශීය සභාපති ඇතුළු මන්ත්‍රීවරු චෝදනා ලැබ සිටිති.
නඩුව අගෝස්තු 28 වැනිදා යළි කැදවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.
වැලිකන්ද ප්‍රාදේශීය සේවා කාර්යාලයට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් කොරෝනා ආසාදිතයින් රැඳවීමට තාවකාලික රෝහලක් ලෙස පත් කිරිම පිළිබඳව පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරින් කණ්ඩායමක් එහි ගිය විටදී සභාපති ඇතුළු මන්ත්‍රීන් තිදෙනා එම නිලධාරි කණ්ඩායමේ රාජකාරියට බාධා කළැයි රෝහල් අධ්‍යක්ෂක වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව සභාපතිවරයා, උප සභාපතිවරයා සහ මන්ත්‍රීවරයාද නිතිඥයකු මාර්ගයෙන් වැලිකන්ද පොලිසියට ඉදිරිපත් කිරිමෙන් පසුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ පොලිටිකල් පිස්සන්ට බලෙන්ම කොරෝනා හදන්න ඕනා. මේ අයගේ හිතේ මහා වැඩ කාරයෝ කියලා.