IMG-LOGO

පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට - ලක්ෂ්මන් යාපා

(නිමල කොඩිතුවක්කු)

පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේ  ඉතා ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹදී අද (07) පැවසීය.

බොහෝවිට ඉදිරි මාස තුනක කාලය තුළ පාළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇතැයිද  අබේවර්ධන මහතා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේද කීවේය.

   ‘‘ජනාධිපති සහ අගමැතිවරයා විසින් මැතිවරණ කොමසාරිමස්වරයා කැඳවා පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට උපදෙස් දුන්නා. පාර්ලිමේන්තුවේදී මේක ප‍්‍රමාද වෙනවනම් ඊළඟ මැතිවරණය කොට්ඨාස ක‍්‍රමයටත් මේ මැතිවරණය පවතින  මනාප ක‍්‍රමයට පැවැත්වීමටත් එහිදී උපදෙස් දුන්නා.

මේ රටේ ජනතාව මැතිවරණ නැතුව පීඩනයෙන් හිටියා. ජනතා පීඩනය නිසා මේ වතාවේ  විතරක් පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමය යටතේ පවත්වන්න පුලූවන්. ඒ නිසා කෙටි කාලයකින් මේ මැතිවරණය පැවැත්වීමට නියමිතයි‘‘ යැයිද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.



අදහස් (9)

පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට - ලක්ෂ්මන් යාපා

රංජන් Wednesday, 07 November 2018 11:48 AM

නීතිය නැතුව එහෙම කරන්නෙ කොහොමද? අමතක වුනා, දැන් මේ රටේ නීතියක් නෑනේ.

:       14       5

BamunuarachchiThursday, 08 November 2018 04:45 AM

හලෝ නීතිය තිබුණානම් විසිඑක්වෙනි ශතවර්ෂයේ ලංකාවේ සිදුවූ මහා බැංකු කොල්ලයේ හොරු ටික හිරේ ඉන්න එපාය.

:       0       0

චමින්ද Wednesday, 07 November 2018 12:03 PM

ඒ කියන්නේ එක් වරකට එක් පළාත් සභාවකට හෝ දෙකකට මුලු රාජ්‍ය බලයම යොදා ඡන්ද පවත්වන ක්‍රමයද.

:       6       31

shann saudi Wednesday, 07 November 2018 12:42 PM

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න , පහළොස් වෙනිදට යලි මා ඇහැරවන්න

:       5       21

sandy123Wednesday, 07 November 2018 02:39 PM

යන විදිහට 15 විශ්වාස නැහැ.

:       0       4

sandy123 Wednesday, 07 November 2018 02:40 PM

දැන්නේ මතක්වෙලා තියෙන්න පරණ ක්‍රමය ගැන.

:       5       4

lalith Wednesday, 07 November 2018 10:12 PM

අනේ අසන ක්‍රමයට ඡන්දෙ තිබ්බොත් ජේවීපි එකට මොකද වෙන්නේ? පව් ඒ අසරණයින්ටත් මොකක් හරි ජිවනෝපායක් හැදෙන විදියට ඡන්දේ තියන්න. පඩි පතට නම් විදින්න එපා....

:       0       0

upasena Thursday, 08 November 2018 04:12 AM

කොයි පැත්ත පෙරලුනත් මේ ගොල්ලන්ගේ ඇමතිකම් හෙල්ලෙන්නේ නැහැ. නියම ශ්‍රීලාංකික දේශපාලනය!

:       0       1

Bamunuarachchi Thursday, 08 November 2018 04:16 AM

මොකටද පළාත්සභා ඡන්ද කෙලින්ම මහා ඡන්දෙකට යන්න පාර හදා ගමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site