IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න - ඉන්දියාව

ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු යැයි ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් අවධාරණය කර ඇත.

ඉන්දීය විදේශ ඇමැතිවරයා මෙසේ අවධාරණය කර ඇත්තේ  තමිල්නාඩුවේ ‘ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.’ පක්ෂ මන්ත්‍රී එම්. තම්බිදුරෙයි වෙත ලිපියක් යවමිනි.

ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය මෙවර තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගතවය.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය පසුගිය 6 වැනිදා ආරම්භ විය. එය අදියර කීපයක් යටතේ පැවැත්වෙයි.

ජිනිවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව විවාදයට ගැනෙද්දී, දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් කරුණු මතු කළේ  එම්. තම්බිදුරෙයි ය.

තම්බිදුරෙයි ට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජායිශංකර් යැවූ ලිපියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු දේශපාලන අධිකාරියේ බලය බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය කැප විය යුතු යැයි ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීමට ඉන්දියාවේ සහාය හිමිවන බව යැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව, සියලු පළාත් සභා ක්‍රියාත්මක වීම සහතික කළ යුතු බව ද  ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.

ඉන්දියාවේ මෙම ස්ථාවරය ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී ද පැහැදිලි කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිහිපත් කර දී ඇත.

ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවේදී, ඡන්දය දීමෙන් වැළැකී සිටීමෙන්, ඉන්දියාව සිය ස්ථාවරය ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නැයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

එය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන්, සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ගෞරවනීයත්වය වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම පිළිබිඹු කරන්නක් බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත.

දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් සපයමින් සංහිදියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු බවත්, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාව සමග ඵලදායී අන්දමින් කටයුතු කළ යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් යැවූ ලිපියෙහි සදහන් වෙයි.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)



අදහස් (20)

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න - ඉන්දියාව

jagath Tuesday, 20 April 2021 07:58 AM

කොළණියක් වී හමාරය

:       1       18

uddika Tuesday, 20 April 2021 08:00 AM

මෙච්චර කල් දාලා යහපාලනයෙන් දැන් ඇයි හදිසි? නකන් හාල්පාරුවෝ සෙට් එකකුයි නිලධාරින් සෙට් එකකුයි පවුල් පිටින් ජනතාව විසින් නඩත්තු කිරිමක්

:       3       20

Ruhunu Tuesday, 20 April 2021 08:01 AM

අනුන්ගෙ දේවල් හොයන්න ඉස්සෙල්ල තමන්ගෙ රටේ ජනතාවට වැසිකිලි ටික හදල දුන්නොත් නරකද?

:       2       29

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 20 April 2021 08:09 AM

ඉන්දියාවේ අනන්ත අප්‍රමාණ ප්‍රශ්න තිබියදී අල්ලපු රටේ ප්‍රශ්න වලට අත දාන්නේ අදාළ රටේ නිවට නියාලු පාලනයක් තියෙන නිසා.මේ සම්බන්ධයෙන් විදේශ ඇමැති ඉන්දියාවට නිසි පිළිතුරු දිය යුතුයි.ඒත් කෝ මෙහේ මිනිසුන් ඔය සද්ද වලට හුරේ දැම්මාට ඉන්දියාව ඒවා තඹේකට මායිම් කරන්නේ නැහැ.

:       3       23

kamalTuesday, 20 April 2021 08:59 AM

හා හා කට කට වැඩිය සද්ද කරන්න එපා දීපු ණය අමතක වෙලා ඉල්ලුවොත් මොකද කරන්නේ?

:       4       13

SOMARATHANA Tuesday, 20 April 2021 08:18 AM

ඔයා කවුද ඒවාට ඇගිලි ගහන්න

:       3       19

mihira Tuesday, 20 April 2021 08:22 AM

මූට තියන අමාරුව මොකක්ද ලංකාවේ ඒවා ලංකාවට ඕන වේලාවට තියයි

:       0       18

විජිත් Tuesday, 20 April 2021 08:24 AM

" 13 ප්ලස් " දෙනවා කියා එදා ඉන්දියාවට පොරොන්දුවුණු මහින්ද රාජපක්ෂ මෙයට උත්තර දිය යුතුයි. අද වෙනතෙක් කිසිම අදායමක් ලාභයක් නැති ව්‍යාපෘති රැසක් කරමින් ...උදා. ගුවන්යානා නොඑන මත්තල ගුවන්තොටුපොළ , හම්බන්තොට වරාය, බල්ලෙක්වත් නොඑන නෙලුම් කුලුන, බණ්ඩාරවෙල මිනිස්සුන්ට වතුර නැතිකළ උමා ඔය ...." මුදල් නාස්තිකරමින්, හොරාකමින් ,ඥාති සංග්‍රහය කරමින් රට චිනාට ණය කල මේ මෝඩ,නුගත් දේශපාලුවන් තවමත් කරන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිකරමින් රට අනතුරේ හෙලීමයි.

:       5       29

pradeepa Tuesday, 20 April 2021 08:35 AM

ඉන්දියානු මහකොමසාරිස් අපේ සර් ගාවට ගෙන්වලා කියා දිය යුතුයි අපේ රටේ ඡන්ද තියෙන්නේ අපිට ඕන විදියට කියලා නැත්නම් අපි කොමසාරිස් කාර්යාලය ලංකාවේ වසා දැමිය යුතුයි.

:       0       15

pubudu Tuesday, 20 April 2021 08:36 AM

අපිට පළාත් සභා ඡන්ද වැඩක් නෑ එක අපිට අතිරේක වියදමක් වෙන වැඩක් අපේ රටට මේ වේලාවේ හැටියට. එම නිසා පළාත් සභා ඡන්ද නැවැත්විය යුතුයි.

:       0       18

දිමුත් Tuesday, 20 April 2021 08:45 AM

අනේ අපේ අය තවත් ලැජ්ජා නැතුව මේ පළාත් සභා කරේ තියං යනවනේ.... පළාත් සභා අහෝසි කරනු!

:       0       17

rihan Tuesday, 20 April 2021 08:48 AM

ලංකාව ගැන සිත සිතා ඉන්දීය නායකයන්ට දැන් රෑට නින්ද යන්නෙත් නැතුව ඇති

:       0       13

sharm warn Tuesday, 20 April 2021 09:28 AM

ලංකාවේ පළාත් සභාවල් ගැනයි දේශපාලනය ව්‍යුහය ගැනයි දඟලන්නේ නැතිව තමන්ගේ රටේ කොරෝනා වසංගතයෙන් මැරෙන මිනිස්සු ගැන යමක් කරන්න මහත්තයෝ

:       1       9

anura Tuesday, 20 April 2021 10:34 AM

ඔය ගොල්ලෝ කාශ්මීරයත් එක්ක තියෙන වලි වලට අපේ රටේ අය අත දාන්නේ නැහැ. කරුණා කරලා අපේ ප්‍රශ්ණ අපිට විසඳාගන්න ඉඩ දෙන්න. පහුගිය යහපාලන සමයේ සීමා මායිං වෙන්කරනවා කිය ඔය මැතිවරණය කල් දාන කොට ඔයගොල්ලෝ කොහේද හිටියේ?

:       0       8

ranjith Tuesday, 20 April 2021 11:24 AM

මේක ස්වාධීන රජයක් නෙමෙයිද? අපි වැඩ කරන්නේ පිට රටවලට අනුවද කෝ මේ දේශීයත්වය කියන එක

:       1       4

වරුණ Tuesday, 20 April 2021 11:24 AM

මේ ජේ ආර් සහ රජීව් අතර අත්සන් කළ ඉන්දු ලංකා සාම ගිවිසුමේ ප්‍රතිඵල ය..... රටට ම ඇඳිරි නීතිය දමා මහා දවාලේ තමයි ඔය ගිවිසුම අත්සන් කලේ. එහි මූලිකම කරුණක් වන්නේ ලංකාවේ පළාත් සභා ක්‍රමය ඇති කිරීමයි.... ඉතින් ඉන්දියාව යනු ගිවිසුමේ පාර්ශවකරු වෙකි. ඒ නිසා තමයි ඔවුන් පළාත් සභා මැතිවරණය පවත් වන ලෙස, අපේ රටට මතක් කරන්නේ. ඒ නිසා, අපිට කියන්න බැහැ..... " ඔයාලගේ වැඩක් ඔයාලා බලා ගන්න".... කියා. බොහෝ දෙනෙකු මේ අතීතය නොදන්නා බව නම් පෙනේ .

:       2       10

Bamunuarachchi Tuesday, 20 April 2021 11:46 AM

පළාත් සභා පවත්වනවාද නැද්ද කියන එක අපේ රටේ මිනිසුන්ගේ කැමැත්ත. උඹලාට ඇති කැක්කුම මොකක්ද?

:       0       0

ගුණවර්ධන Tuesday, 20 April 2021 02:41 PM

ගිවිසුමේ හැටියට ඉන්දියාවේ කොටස එයාල සම්පුර්ණ කළාද?? අපට පළාත් සභා වලින් ඇති ප්‍රයෝජනයක් ද? අපේ රටට හොට දාන් නැතුව ඉන්දියාවට එයාලගේ වැඩක් බලාගන්න කියන්න

:       3       1

Hafeel Tuesday, 20 April 2021 02:46 PM

දැන් බලයේ ඉන්න රටේ නායකයා ජාත්‍යන්තරයට බය නැති නායකයක් කියල නේ කිව්වේ. ඉතින් මේකට කෙලින් උත්තරයක් දෙන්න පුළුවන් නේද, අපේ රටේ අභ්‍යන්තරවලට ඇඟිලි ගහන්න එපයි කියල. දැන් තේරනවා නේ සර්ගේ ශක්තිය තරම්.

:       2       3

මුණසිංහ Wednesday, 21 April 2021 02:10 AM

ඇයි ඉන්දියාවෙනුත් අපේක්ෂකයෝ දාන්න ඉන්නවද? අපේ දේශපාලකයින් පක්ෂ විපක්ෂ සියල්ලෝම හිතට ගන්න ඕන විදෙස් බලවේග අත පොවන්නේ ගෙදර කචල් තියෙනකොට කියලා. ලෝකයේ අනෙක් රටවල් ආදර්ශයට ගන්න. රට ඇතුලේ විතරක් පිල් බෙදෙන්න. ඒව පිටට දෙන්න එපා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 241 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 738 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site