(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 253 දෙනකු දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පළාත් අතර සංචරණ සීමා කඩ කිරීමට ආ තවත් 361 දෙනකු ආපසු හරවා යැවූ බව ද පොලිසිය කියයි. මෙම මෙහෙයුම් අඛණඩව සිදු කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඉකුත් ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන් 54612 කු අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.