IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පළාත් කෘෂි ඇමැති මල් සභාපතිට පහර දෙයි

( ඞී.කේ.රත්න සහ විජේරත්න රත්නායක)

ඌව පළාත් කෘෂිකර්ම ඇමති උපාලි සමරවීර මහතා අද (06) තමාට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පහර දුන්නේ යයි ඇල්ල මල් සංගමයේ සභාපතිවරයා බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබේ.
 
ඇල්ල සුපිපි සුවහස් මල් සංගමයේ සභාපති අතුල බංඩාර විජේකෝන් මහතා මෙම පැමිණිල්ල බදුල්ල පොලීසියට සිදු කර ඇත.
 
මෙම මල් සංගමයේ සභාපතිවරයා උමාඔය ව්‍යාපෘතිය නිසා තමාට හා තම ප‍්‍රදේශයේ මල් වගාවලට විශාල විනාශයක් සිදුවූ බවට කෘෂිකර්ම අමාත්‍යවරයාට ලිපියක් බාරදීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදු කර ඇතයි පොලීසියට පැමිණිලි කර තිබේ.
 
බදුල්ල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (6)

පළාත් කෘෂි ඇමැති මල් සභාපතිට පහර දෙයි

සිරිබිරිස් Wednesday, 06 March 2019 02:07 PM

කිසියම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ආරම්භක අවස්ථාවේ විවිධ ගැටලු ඇතිවෙනවා පාඩු සිදුවෙනවා. ව්‍යාපෘතිය අවසන්ව ක්‍රියාත්මක වනවිට සියලු ගැටලු විස‍ඳනවා. කලබලයෙන් කොරොස්කටේත් අතදාන්න බැරිබව නොදන්නා මෙවැනි අයට පහරදීම නම් අනුමත කරන්න බැහැ.

:       0       32

de silva Wednesday, 06 March 2019 03:50 PM

පළාත් ඇමැතිතුමා මල් කාරයෙක් නෙවේ වෙන්න ඇති...

:       0       19

Sumith Wednesday, 06 March 2019 08:24 PM

ඌව පළාතේ ගොවියාට තියෙන ප්‍රශ්න දෙවියන්ටවත් නෑ

:       0       0

sujeewa Thursday, 07 March 2019 04:01 AM

පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රශ්න විසඳන්නේ මිරිස්කුඩු ගහලා පුටු වලින් ගහගෙන, පළාත්සභා වලත් වාද විවාද කරන්නේ ගහගෙන ප්‍රාදේශීය සභා වලත් ප්‍රශ්න විසඳන්නේ ගහ මරාගෙන. අපි හිතන්න ඕනේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි බුද්ධියෙන් හා සංවාදයෙන් ප්‍රශ්න විසඳන්න තරම් උගත් අය නෙවෙයි ජනතාව ඒ ආයතන වලට පත් කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නෙදි අපි අපිටමයි ගහගන්න ඕනේ.

:       0       0

sarath Thursday, 07 March 2019 05:03 AM

ප්‍රධානම දේ අනිත් අයට ඒ අයගේ අදහස් වලට ගරු නොකරන එක සහ ,මහජනයා මස් රාත්තලම ඉල්ලීම.මේ වනවිට උමා ඔය ගැටළු ගොඩක් විසඳිලා වගේ පෙනෙන්නේ.කොහොමත් මේ වගේ අතින් පයින් රට හදන්න යන බෝක්කු ළඟ ඉඳල පළාත් සභාවට / ප්‍රාදේශීය සභාවට ආපු චන්ඩි රටට ඕනේ නැත. අවශ්‍ය හික්මීමක් ඇති ,රටේ දියුණුවට අවශ්‍ය ඉදිරිය පෙනෙන අය මිසක් ගමේ හැමෝටම හිනාවෙලා ,බෝක්කුවක් දෙකක් හදල ජනප්‍රිය වෙන චරිත නෙවි

:       0       0

kapila Thursday, 07 March 2019 07:33 AM

ඇමතිතුමාට මල පනින්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site