(ඩයනා උදයංගනී)
ප්‍රදේශ රැසකට අද (27) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්‍ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
රත්නපුර, ගාල්ල සහ මාතර දිස්‍ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
COMMENTS