
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ දැඩි පොහොර හිඟයක් පවතීමෙන් වගා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි දිවයින පුරා ගොවිහූ චෝදනා කරති.
මෙම තත්වය හමුවේ වගා කටයුතු ඉදිරියට ගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇති බවත් මුදල් ගෙව්ව ද පොහොර නොමැති යැයි පවසන බවත් ගොවියෝ පවසති.
මේ පිළිබඳව කළ විමසුමේදී පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක රාජ්‍ය අමාත්‍ය නීතිඥා මොහාන් ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ කිසිඳු ආකාරයක පොහොර හිඟයක් තිබිය නොහැකි බවයි.
මෙම කන්නයේ වී සහ සෙසු බෝග සඳහා වන පොහොර අවශ්‍යතාව මෙටි්‍රක්ටොන් 385,000 බැගින් වූවත් ඊටත් වඩා පොහොර ආනයනය කර ඇති බවත් පොහොර සමාගම් දෙකක් දිනකට පොහොර මෙටි්‍රක්ටොන් 250 බැගින් වෙළෙඳපොලට නිකුත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

COMMENTS
අමු මී හරක් ටිකක් මේ ආණ්ඩුව කරන්නේ...
කඩේ පොහොර නෑ
හරියට නිලධාරීන් වැඩකලානම් මෙහෙම දාන්න විදියක් නෑ . ජනාධිපතිතුමා කිව්වා රසායන පොහොර අඩු කරනවා කියල.එතකොට කොහොමත් පොහොර අඩු වෙන්නනේ .දැන් එතකොට නිලධාරීන් ගොවින් එක්ක එකතුවෙලා කෘෂිකර්ම දැනුම දීල ඒ වැඩේ සාර්ථක කරගන්න වැඩකරන එකකේ කරන්න තියෙන්නේ.අන්තිමේදී වෙන්නේ හොද වැඩක් කරුම නිලධාරීන්ගේ වැඩ හින්ද හබක් වෙන එක වෙන්නේ .අපි තවත් වකුගඩු රෝග බෝ නොවන රෝග තව තවත් වැඩිවෙලා රටේ මිනිස්සු ලෙඩවෙන එකයි වෙන්නේ (අනිවාර්යෙන් මහජනතාවත් මේකට පක්ෂ පාට නැතිව සහය දෙන්න ඕනේ වස විසනැතිව කෑම ටිකක් කන්න )