අජන්ත කුමාර අගලකඩ
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට පහරදීම නතර කරනැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී ඉකුත්දා හමුවී කළ සාකච්ඡාවේ දී ඔවුන් මෙම ඉල්ලීම කර ඇතැයි ද වාර්තා වේ .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ආණ්ඩුවේ කටයුතුවලට සහයෝගය ලබා දෙද්දී මේ ආකාරයෙන් පහර දීම සමගියට විශාල බාධාවක් ඇතැයිද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ජනාධිපතිවරයා හමුවේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක් වූ බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පහරදීම් නවත්වන්න ශ්‍රීලනීපය ඉල්ලයි