IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පහන්තුඩා අසභ්‍ය විඩියෝවේ යුවළට දඩ සහ සිර දඬුවම්

(සම්පත් ප්‍රියනනදන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර සමාජ ගත කළ බවට වරද පිළිගත් යුවළට රුපියල් 10,800ක දඩයක් සහ මාස තුනක සිරදඩුවමක් නියම කළ බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා එම සිර දඬුවම, වසර හතකට අත්හිටවූයේය.

මෙලෙස අත්හිටවූ සිරදඩුවම් සහ දඩ නියම වූයේ, ඇල්පිටියේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක සහ මහරගම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සිද්ධියට අදාළව ඉකුත් සැප්තැම්බර් මස 03 වැනිදා අත්අඩංගුවට ගත් මෙම යුවළ අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් පොලිස් ඇප මත මුදා හැරි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරුවන් දෙදෙනා 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබා ගැනීම, බෙදාහැරීම සිදුකරමින් වරදක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගත් සැකකරුවන්ට දඩ සහ අත්හිටපු සිරදඩුවම් නියම කිරීමට අධිකරණය තීරණය කළේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැමණීල්ලක් ඉදිfිපත් කර තිබුණේ දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසිනි.

බලන්ගොඩ බොලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල අසල තරුණ යුවළක් නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන මෙම රූප පෙළ සහ වීඩියෝ පටය ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනිව පොදු ස්ථානවල සිදුකරන අශ්ලීල ක්‍රියාව සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කර අදාළ පුද්ගලයන්ට දඩුවම් ලබා දෙන ලෙසට පැමිණීල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණී.

 



අදහස් (17)

පහන්තුඩා අසභ්‍ය විඩියෝවේ යුවළට දඩ සහ සිර දඬුවම්

සිරිබිරිස් Friday, 01 October 2021 10:34 PM

ලංකාවේ තියන සියලුම ප්‍රශ්න දැන් විසදේවි

:       1       31

Perera Saturday, 02 October 2021 12:23 AM

අර හිරේට පැනලා යකා නටපු එක්කෙනා නිදහස්ද?

:       1       36

නිමල් Saturday, 02 October 2021 12:27 AM

ඔන්න ලොකු වැඩක් කරලා.

:       1       29

chandima Saturday, 02 October 2021 12:28 AM

අනේ මන්දා දඩුවම් දෙන්න තියෙන නඩු තව කොච්චර තියෙනවද?

:       1       31

Royfedricks Saturday, 02 October 2021 02:06 AM

සංස්කෘතියට පටහැනි දේවල් වලට දඩුවම් ලැබිය යුතුයි.

:       34       9

sam Saturday, 02 October 2021 04:03 AM

මේ වගේ අනිත් වැරදි වලටත් දඩුවම් කඩිනමින් දුන්නානම් තමයි හොඳ

:       1       28

Asanga Saturday, 02 October 2021 06:48 AM

ලොකු ලොක්කන්ට අපේ රටේ නීතිය නැමිය හැකි අතර පොඩ්ඩන්ට අකුරට ක්‍රියාත්මක වෙන බවට මේක කදිම නිදසුනකි.

:       0       37

Roshan Saturday, 02 October 2021 06:51 AM

එතකොට මාධ්‍ය හමුවකට ඇවිත් පරසක්වල ගහලා කිව්වේ එයාලා නෙවෙයි කියල

:       19       2

Akila Saturday, 02 October 2021 07:10 AM

අර 15 හැවිරිදි දැරියක් ලිංගිකව අපයෝජනය කිරීමේ නඩුවට මොකද උනේ? එම සිද්දියට සම්බන්ද අයට විරුද්දව දඬුවම් නියම උනාද ?

:       0       46

gunarathna Saturday, 02 October 2021 08:34 AM

ඇත්තටම මොකක්ද මේ අත් හිටවපු සිරදඩුවම් කියන්නේ? දන්නා කෙනක් ඉන්නවනම් පැහැදිලි කිරීමක් කරන්න

:       3       3

DonSunday, 03 October 2021 07:39 PM

අවුරුදු හතක් යනකල් මේ වගේ තව වරදක් නොකර ජීවත් වෙන්න කියන ඒකයි ඒ් ඇතුලත වරදක් කලොත් මේ දඩුවම ක්‍රියාත්මක වෙනවා නැතනම් තව අවුරුදු 7න් පස්සේ මේ දඩුවම අහෝසි වෙලා යනවා

:       0       0

Deepal Nirosh Saturday, 02 October 2021 09:08 AM

කෙටි කාලයක් තුළ අධිකරණ ක්‍රියාවලිය අවසන් වීම ඉතා හොඳ පූර්වාදර්ශයක්. රටේ අනිකුත් නඩු කටයුතුත් මෙවැනි කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වෙනවා නම් දඬුවම සුළු වුණත් කඩිනමයි ඉතා වැදගත්.

:       1       10

දීප්ත විජයසේකර Saturday, 02 October 2021 10:36 AM

ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනිව කටයුතු කරන අය අත්අඩංගුවට ගෙන මේ වගේ දඩුවම් දෙන්න. මොකද ඒවා ශ්‍රී ලාංකික සංස්කෘතියට ගැලපෙන වැඩද. ලංකාවේ ඉදිරි පරම්පරා වලට දෙන වැරදි ආදර්ශ

:       29       6

raheem Saturday, 02 October 2021 01:27 PM

දඩ සහ සිර දඬුවම් කිව්වට හිරේ දාන්නේ නැහැනේ..? සිර දඬුවම ක්‍රියාත්මක කළාම තමයි මේ වගේ දේවල් ආයෙත් කරන්නේ නැහැ...

:       6       1

Kule Saturday, 02 October 2021 03:08 PM

දඬුවම ඉක්මන් වුණේ ඔවුන් වරද පිළිගත් නිසයි...

:       0       3

Rocky Saturday, 02 October 2021 05:18 PM

හොරකම්, තක්කඩිකම්, ඝාතන, අපචාර එහෙම ශ්‍රී ලංකාවේ සංස්කෘතියට පටහැනි නැතිව ඇති නේද?

:       0       4

sampath Saturday, 02 October 2021 09:58 PM

අත්සිටවුණ සිර දඬුවමක් කියන්නේ සත්‍ය ලෙසම සිරගත කිරීමක් කරන්නේ නැහැ නමුත් එම අත්සිටවූ දඬුවම වංගු කාලය තුල සමාන වරදක් කලොත් මුල් දඬුවම ක්‍රියාත්මක වෙනවා. මේ වගේ අත් සිටවුන සිර දඬුවමකින් බලාපොරොත්තු වෙන්නේ නැවත එවැනි ආකාරයේ වරදක් නොකිරීමට බල කර සිටීමක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site