(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පස්වරු 3.00 ට සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.
එහිදී පළමුවෙන් වත්මන් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ නායකත්වයට පත්කර ගැනීමට නියමිතය. පසුව ඔහු විසින් එම පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයාගේ නම නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අනතුරුව පක්‍ෂය සඳහා නව නිළධාරී මණ්ඩලයක් පත්කර ගැනීමද මෙහිදී සිදුවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් ද එම සම්මේලනයට සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.
මෙම සම්මේලනය සඳහා සහභාගී වන කාන්තාවන්ට කුරහන් පැහැති ඔසරියෙන් සැරසී පැමිණෙන ලෙස දන්වා ඇති අතර පිරිමි පාර්ශවයට ජාතික ඇඳුමින් සැරීසී පැමිණෙන ලෙස ද දන්වා ඇත.
සම්මේලනය අවසන් වීමෙන් පසුව නව ජනාධිපතිවරණ අපේක්‍ෂකයා එදින සවසම කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට හා කැලණිය රජමහා විහාරයට පැමිණ මහා සංඝරත්නය බැහැ දැක ආගමික වතාවත් සඳහා සහභාගී වීමට නියමිතය.
මෙම සම්මේලනය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයට සහය දක්වන සියලූම දේශපාලන පක්‍ෂවලට, වෘත්තීය සමිති නියෝජිතයන්, කලාකරුවන්, තනාපතිවරුන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර තිබේ.
COMMENTS
ඔය පක්ෂ නායකත්වය ගැනීම නිවැරදිද? එමෙන්ම එම මන්ත්‍රීවරු ඔය පක්ෂ සාමාජිකත්වයට බඳවා ගැනීමත් එහෙමද?
මං පක්ෂයක් බදා ගත්තු දේශපාලන ගැත්තෙකු නෙමේ... නමුත් මගේ සරල පැහැදිලි කිරීම නම්... 1. එළඹෙන ජනාධිපති මැතිවරණයේදී අපි කවුරු හෝ පුද්ගලයෙක් ජනපති ලෙස නම් කරගත යුතුයි. 2. දැඩි විනයක් යටතේ රට පාලනය කල හැක්කෙකු විය යුතුය. 3. වැඩියෙන්ම වැරදි කරපු අය ප්‍රතික්ෂේප වියයුතු අතර අඩුවෙන් වැරදි කළවුන් අකමැත්තෙන් වුවද තෝරාගත යුතුය. 4. පුද්ගලිකව කවර තරමේ දක්ෂ පුද්ගලයෙකු වුවද පළපුරුදු පසුපෙළ කණ්ඩායමක් නැත්තෙකුට රට පාලනය කළ නොහැක. (ඒ අනුව නාගානන්ද, පල්ලෙවත්ත වැනි අයවලුන් හුදෙක් තාත්වික චරිත පමණි...) 5. ජනතාවගේ මුදලින් කම්මැලියන් පෝෂණය නොකර, සියලු ජනතාවට හොඳ ආර්ථික ශක්තියක් ගෙනදෙන වැඩ පිළිවෙලක් තිබිය යුතුයි.
ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා කියන්න එතෙන්ට අඬගහන මිනිස්සුන්ට ඇඳගෙන එන ඇඳුමත් යෝජනා කරන පක්ෂයක් බලයට පත් වුනොත් ජනතාවට මොනවා අඳින්න කියයිද? කතාවක් තියෙනවනේ මඩ හොදාගත් කළ ගොවියාත් රජකමට සුදුසුයි කියලා. ඒ හින්දා අමුඩේ ගහන් එන්න කිව්වා නම් තමයි ගොඩක් හොඳ... මෙච්චර කල් ඇමෙරිකාවට වෙලා හිටපු, කලිසම් කෝට් ඇඳපු අපේක්ෂකතුමත් ජාතික ඇඳුම ඇඳගෙන එන හැටි බලන්න ආසයි.
කුරහන් පැහැති සාරිය... මේක පක්ෂෙ පාටද... එහෙමත් නැතිනම් පවුලේ පාටද?
කුරහන් පැහැති ඔසරියෙන් එන්නේ කොහොමද? දකුණේ අය අඳින්නේ සාරි නේද?
මහින්ද මහත්තයෝ, පුලුවන් නම් මෛත්‍රී ජනාධිපතිව පොහොට්ටුවේ වේදිකාවට ගෙනාවොත් ගෝඨා උඩින්ම එනවා. ඔය දයාසිරිලගේ, දුමින්දලාගේ කයිවාරු සේරම නවතිනවා.
පොහොට්ටුව මොකා දැම්මත් මෙදාපාර අනිවාර්යෙන්ම පරද්දනව.. පරද්දනව.. පරද්දනවාමයි. රටේ ජනතාවගේ මුදල් පවුල් පිටින් කල්ලි පිටින් හොරකාපු හොර නඩේ අවසානය මෙවර ඡන්දයයි.
පරණ සාටක හොරු අලුත් ලේබලයකින් පැමිණි වගයි.
ඔය පව්කාරයෝ ආවොතින් කැලේ ඉන්න අලි පැටවෙකුටවත් ජීවත් වෙන්න දෙන්නේ නැහැ. නරුමම කණ්ඩායම හොරකම්, දූෂණ, මත්කුඩු, අපරාධ කාරයින්ගේ තිප්පොළක් පොහොට්ටුව කියන්නේ... නාමල් ආපහු ගෝල් ෆේස් වහලා රේසින් කාර් පදින්න එනවා.
පරණ හොරු නැවත පැමිණෙන්නේ පෙර වැරදි ගෙන නිසා මින්පසු ඔවුන් සොරකම් කරන්නේ කිසිවෙකුටත් අසුවෙන්නට නොවේ. හොරුන්ගෙනුත් හොඳම සොරා තෝරාගැනීම හැර ජනතාවට කිසිම විකල්පයක් නැත. තිබ්බත් ජනතාව එය කරා යොමුවෙන්නේ නැත. අප තාමත් ඒ සඳහා සූදානම් නැත. උගත්, බුද්ධිමත් පිරිසක් කිසිදිනක අපගේ ජනතාව පත්නොකරනු ඇත.
ජය පතන්න ඕනි. ත්‍රස්තවාදය නැතිකර මුල්ම අහිංසක මුස්‌ලිම් ජනතාවට ගොඩක් හොඳයි කියලා කියනවා. අායෙත් කොළඹ සුර පුරයක් කරයි කියලා හිතනවා..
දැඩි විනයෙන් රට පාලනය කළ හැකි අඩුවෙන් චෝදනා ඇති දැක්මක් සහිත දෙස් වගේම විදෙස් ප්‍රශ්න වලට මුහුණ දිය හැකි, හොඳ පාලකයෙක්, නායකයෙක් රටට අවශ්‍යයි. ඉන්න අයගෙ හැටියට නම් ඒ මෙයා තමයි.