(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත් වෙනත් නව සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
එම සාකච්ඡා අසාර්ථක වුවහොත් තම පක්‍ෂයේ මන්ත‍්‍රීවරු එජාපයට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන්නේ නැතැයි ද සඳහන් කළේය.
ඒ අනුව පොදුජන පෙරමුණ සමඟ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, පාඨලී චම්පික රණවක මහතාගේ පාර්ශවය ආදිය සමඟත් ඉදිරියේ දී සාකච්ඡා කරන බව කී මහලේකම්වරයා විජේදාස රාජපක්‍ෂ මහතා සමඟත් මේ ගැන අදහස් හුවමාරු කරගෙන ඇතැයි කීවේය.
කෙසේ වෙතත් තම පක්‍ෂය මෙතෙක් ජනාධිපති අපේක්‍ෂකයෙක් නම් නොකර සිටින්නේ දෙපාර්ශවය අතර සාකච්ඡා සාර්ථක කරගෙන දෙපාර්ශවයෙන්ම එක් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමේ අරමුණක සිටින නිසා බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පළමු හෝ දෙවැනි වරට පාර්ලිමේන්තු ආ ඇතැම් මන්ත‍්‍රීවරු ශ්‍රීලනිපයේ වගකීම ඔවුන්ගේ අපේක්‍ෂකයාට සහයදීම බව කියා ඇතැයි කී අමරවීර මහතා තම පක්‍ෂයේ වගකීම කුමක්දැයි ඔවුන් කියා දිය යුතු නැතැයිද කීවේය.
තම පක්‍ෂය කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කරන්නේ රටේ අවශ්‍යතාවය අනුව බව කී මහලේකම්වරයා මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් මෙම සාකච්ඡා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන නිසා තවදුරටත් එම සාකච්ඡා ඉදිරියට ගෙන යන බව ප‍්‍රකාශ කළේය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔවුන් සමඟ එකඟතාවකට පත්වීමකට නොහැකි වුවහොත් නිදහස් පක්‍ෂය වසා දැමීමට හෝ එහි අනන්‍යතාවය අහිමි කරගැනීමට නොහැකි බවද හෙතෙම පැවසීය.
COMMENTS
හදපල්ලා.. ඕන සන්ධානයක් හදපල්ලා. අපි අහුවෙන්නේ නෑ. එකම බලාපොරොත්තුව නාගානන්ද විතරයි.
අහිංසක මිනිසුන්ගේ බදුමුදල්වලින් යහමින් පවුල් සමගින් ජිවිතේ සැප විදපු සහ විඳිමින් සිටිනා මේවගේ හරකුන් අනාගතේදීත් එසේ සැප විඳීමට පිඹුරුපත් සැකසීමට අප ඉඩදිය යුතුද..? රිලවුන් 225ම දියවන්නා ඔය කැලයෙන් පන්නා දැමිය යුතුයි..
ඒ ඔබලාගේ අවසානයයි. රටේ මිනිස්සු ඉල්ලන දේ දෙන්න පුරුදුවෙන්න. අපිට නැවතත් එපා හලෝ පඹයෙක්.
අපේ ඊලඟ ජනාධිපතිතුමා චමින්ද පීරිස්ට ජයවේවා..රට මේ ප්‍රපාතෙන් ගොඩගත හැකි එකම නායකයා චමින්ද පීරිස් වටා එක් රොක් වෙමු...!
දැනට අවරුදු 25-30 විතර ඉඳන් ඔබතුමා ඇතුළු ඔය ලොකු ලොකු පක්ෂ නායකයෝ එකතුවෙලා එක එක සන්ධාන හැදුවනේ ? එකෙන් රටට ජාතියට කිසි වැඩක් වුනේ නැත . ඔබලාගේ පවුල් වල ආර්ථිකය නම් විශාල ලෙස ඉහළ ගිහින් , පාපැදියෙන් ගමන් ගිහිපු මිනිස්සු අද යන්නේ ප්‍රාඩෝ වල , හැමෝටම මාලිගා වගේ ගෙවල් කොළඹ තිබෙනවා . අපට ඔබල එපා වෙලා , මේපාර , රාජපක්ෂ පවුල , රනිල් , මෛත්‍රී සම්බන්ධ නැති වෙන කෙනකුට දීල බලමුද ?
මෙයාල සහය දෙන අපේක්ෂකයාට ඇපත් නැති වෙනවා. පොහොට්ටුවටයි යූඑන්පී එකටයි මෙයාලව අවශ්‍ය නැත.
එයත් එක්ක බුදියගන්න බැරිනම් වෙන එක්කෙනෙක් එක්ක හරි බුදියනවා. ඒ වගේ කතාවක්නේ මේ කියන්නේ. නිකන් ජවිපේ වගේ...
කරුණාකරලා මේ එන ඡන්දෙදිවත් මොලේ හොදට හෝදගෙන රටේ අනාගතය උදෙසා සුදුසු පුද්ගලයෙක්ව රටේ නායකයා හැටියට පත්කරගන්න සැමදෙනාම එක්වී කටයුතු කරමු.
රටේ නමගිය පක්ෂයකට බංකොලොත් පොහොට්ටුවක් මාට්ටු කරගෙන කරන විගඩමක්... නිදහස් පක්ෂයට සෙතක් වෙන්නේ හොර සාටකයින්ව.. පොහොට්ටුවත් එක්කම සම්පූර්ණයෙන්ම එළවලා දැමුවොත් පමණයි...
එල්ලෙන්න තවමත් වැලක් හම්බ උනේ නැතැයි?
වෙන පක්ෂ හදන්නේ නැතිව සේරම එකතු කරගෙන කැඳ හැලිය හෝ හත් මාළුව යන නමින් නම් කෙරුවනම් නරකද.
කොන්ද ඇතිව කෙලින් එන්න.
පවු මොනව කරන්නද? ලබන සැරේත් පාර්ලිමේන්තුවට එන්න හිතෙනව ඇතිනේ? දෙමළ සංධානේවත් පිහිට පතන්න. අඩු ගානේ ජාතික ලැයිස්තුවෙන්වත්? නැත්නම් මනාප ගන්න නම් බැරිවෙයි.