(ප්‍රසන්න පත්මසිරි)
“බදුල්ලේ පොහොට්ටුව දිනවීමේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසුකණුව ඉදිරිපිට කිලෝ 125ක් බරැති මම ඔළුවෙන් සිටගන්නවා” යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද(23) පළාත් සභාවේදී මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදි අමාත්‍යවරයා මෙසේද කීවේය.
“බදුල්ලේ බංකොලොත් දේශපාලකයෙක් ගෝඨාභය මහත්තයා එනවා කියලා හැමතැනම බැනර් පෝස්ටර්, ගහලා ජනතාව ගෙන්වන්න හදනවා. ගෝඨාභය මහත්තයා එනවානම් කමක් නෑ. පොහොට්ටුවේම අය කියන්නේ වසර 31ක් බංකොලොත් දේශපාලනය කරලා, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඡන්දය ළංවෙද්දී ජනතාව මුලා කරන ඒ දේශපාලනඥයා නිසා බදුල්ලේ පොහොට්ටුවටත් කැළලක්ලු. මෙවනි බංකොලොත් වැඩ පක්ෂයක ඉදිරි ගමනටත් හොඳ නෑ.
එළඹෙන 24 වැනිදා බදුල්ලේ තියෙනවා කියන පොහොට්ටුවේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා එන්නේ නෑ. එතුමා එන්නේ නැති රැස්වීම්වලට එනවා කියලා ජනතාව බොරුවට ගෙන්වන්නේ මොනාටද? ජනතාව මුළා කරන්න එපා. ඒ මහත්තයා ආවොත් මම නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ඔළුවෙන් හිටගන්නවා.
අපි හැමදාම පක්ෂයත් එක්ක ඉන්නවා. පක්ෂය හෝ නායකයා ගන්න තීන්දු සමග වැඩ කරනවා. පිටිපස්ස දොරින් වෙනත් පක්ෂ වලට රිංගන්නේ නෑ.
ජනාධිපතිවරණයකට තව මාස දෙක හමාරක් තියෙනවා. පක්ෂය තීරණයක් ගනියි. ඒ තීරණයට අපි වැඩ කරනවා. ඡන්ද කාලයට විතරක් ජනතාව රවටන දේශපාලනඥයින්ට මේ ඡන්දයේදී බදුල්ලේ ජනතාව තීන්දුවක් ලබාදෙන්න බලාගෙන ඉන්නවා” යැයි අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
"මම ඔළුවෙන් හිටගන්නවා" අනේද කියන්න කොහෙන්ද ඔලුවක් , ලොකු බඩ ගෙඩියක් මිසක
ඔළුවෙන් ඉන්න මොහුට ඔළුවක් තියෙන්නේ එපායැ. ඒ බව දන්න නිසා බය නැතිව ඔට්ටු අල්ලනවා
ආවොත් ලෝකාන්තයෙන් පනිනවා කියලා... කියන්නකෝ එච්චර ෂුවර් නම්..
ඇති කයිවාරුව...! ඔලුවෙන් හිටගන්න ඉස්සරවෙලා දොඹකරයක් සූදානම් කරගෙන ඉන්න. ඔය දැවැන්ත ශරීර කුඩුව එල්ලා ගැනීම සඳහා. ඔහොම කතා කියලා ගෝඨාභයගේත් එයාගේ බැලයින්ගේත් බලාපොරොත්තු සුන් කරන්න එපා..
ඒ කාලේ ඔලුවෙන් හිට ගන්න පුළුවන් වුනාට , දැන් දේශපාලනය කරලා හොඳට කාල බීල බර වැඩිවෙලා
කතා කරන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද?
ඔව් අනිවාර්යෙන් ම ඔබ ඔලුවෙන් හිටවනවා ගෝඨාභය ආවොත් කරන කැත වැඩ වලට.
ඇමතිතුමනි ..ඔබේ ගමන ඔබ යන්න ඔහුගේ ගමන ඔහු යයි ,හිට ගන්නේ නැගිටින්නේ කාගේ බඩගෝස්තරය වෙනුවෙන්ද කියල ජනතාව දන්නවා .
ඔව් ඔලුවෙන් හිටගත්තනම් මොලේ හරි තැනට ඒවි
මෙන්න වැන්දා.. සරම ඇඳන් නම් ඔය වැඩේ කරන්න හිතන්නවත් එපා.
කරන වැඩ දිහා බැලුවම දැනුත් ඔලුවෙන් හිටන් ඉන්නවා කියලයි අපි හිතුවේ.
ගාලුමුවදොර පිටියට ඇවිත් ඔලුවට වෙඩි තියාගත්ත මිනිස්සුත් ජීවත් වෙන රටක ඕවත් වැඩද?
වාඩි උනාමත් ඔලුවෙන් වාඩි උනා වගේ වෙනසක් නෑ.
මේ වගේ කෙනෙක් උෟව වෙල්ලස්සේ මහඅැමති කෙරුවේ කව්ද? මෙ වගේ අය දියවන්නාවට නම් දක්කන්න එපා මේපාර...
හපොයි හපොයි, කොහොමත් ඔලුව අප්සට්නේ.. ඔය ඔලුගෙඩියට ඔය කඳේ බර දරාගන්න පුලුවන් වෙයිද? මේ වගේ කට්ටිය පත්කරගත්තේ ඔලුවෙන් හිටගෙන තමයි.
ඇමතිතුමනි? මල කෙලියයි. වහලුන් කියා නොදැන වහල්කම් කිරීම කියන්නේ මේකටයි.
ශරීරයේ බර කිලෝ 125ක් කර ගත්තා නම් ඔලුවක් තියෙන්නේ කොහොමද?
කිලෝ 125ක් තිබුණාට ඔහොම ඔලුවෙන් හිටගෙන වැන්දොත් මිනිස්සුන්ගේ ඇහැයන්නේ ඔයාගේ ග්රෑම් 100ට තමයි.
සරමක් ඇඳගෙනම ඔළුවෙන් හිටගන්න.
මෙයා කියන්නේ ඇත්ත... ඔලුව පිහිටලා තියෙන්නේ පස්ස පැත්තේ වගේ...
ඔලුවෙන් හිටගත්තම අපිට තියෙන ප්‍රතිඵලේ මොකක්ද? හිටගන්නේ ජාතික ඇඳුමින්ද? කියලා විතරක් කියන්න.. ජනතාවට ඒ පැත්තේ නොයාඉන්න.
ඔලුවෙන් හිටගන්න එපා... එහෙම කළොත් අනවශ්‍ය දේවල් පෙනෙන්න පුළුවන්. අර සමහර දේශපාලකයන් ඉදිරියේ ගුරුවරියන් කරනවා වගේ ඔබත් බස් ස්ටෑන්ඩ් එකේ දණගහගෙන ඉන්න.
ඔලුවෙන් හිටගන්නම වේවා! කෝකටත් ඇඟේ හැටියට කලිසමක් මහගෙන තියාගන්න හොඳේ.. තව දෙයක් අර ජෝතිශකාරයෙක් ඔලුවට වෙඩි තියාගන්නවා කිව්වා වගේ පස්සේ නෑ බෑ ගාන්න බෑ හොඳේ..
ඔලුවෙන් නෙවෙයි තට්ටමෙන් තමයි ඔහේට හිටගන්න වෙන්නේ..
ඔක්කොම දේශපාලකයෝ සරම් පිටින් ඔහොම කළොත් අපිට අවුරුදු හැත්තෑ ගානක් රට කරපු මොළ ටික බලා ගත හැකියි.
බඩ තියන තරමට ඔලුවෙන් හිටියොත් තමා බවලත් උදවියට පෙනෙන්නේ.
බඩෙන් විතරක් හිඟාකනවා වගෙයි..
ළදරුවන් තුවාය අැඟේ දවටාගෙන ඔලුවෙන් හිටගෙන ඉන්නවා මතකයට නැගෙනවා. ඇත්තටම බඩ, කඳ හැටියට මොලේ තිබුණා නම් කොච්චර හොඳද? ඇත්තෙන්ම අප්‍රිකානු වනාන්තරව වෙසෙන හිපපොටේමස් සත්‍යව සිහියට නැගෙනවා.
හොද ලන්කට් එකක් දැන්ම අරගෙන තියාගන්න නැත්තන් වමනෙ යයි මිනිසුන්ට
සරමක් අන්ද්දගෙනද, නැත්නම් ජන්ගියක් ඇඳගෙනද? කොහොමටත් ජනතාවට ගානක් නැහැ, දකින්න දෙයක් නැති නිසා. බය ඔරලෝසු කණුවට හානියක් වෙයි වෙයි කියලයි . තනතුරෙන් ඉල්ලාසුනොත් තමයි වීරයා.
හරි බරි ගැහිලා පුටුවක වාඩිවෙන්න. ඒක හරියට ඔලුවෙන් හිටගත්තා වගේ තමයි. මොකද මොලේ තියෙන්නේ ඒ හරියෙනේ...
එර එර සොය්ස එර ලනුව උඩින් එර. දෙවනත හයේ පාරක්.