IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොහොට්ටුවේ ප්‍රචාරණ විනයානුකූලව කරන්නැයි බැසිල්ගෙන් උපදෙස්

(නාලක සංජීව දහනායක)

මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමෙන් තොරව විනීතව හා නීතිගරුකව ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සියලූම දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් නියෝජිතයන්ට දැනුම්දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලූම සාමාජිකයන් උපරිමයෙන්ම මැතිවරණ නීති ආරක්‍ෂා කළ යුතු අතර මැතිවරණ නීතිය කඩකිරීමට කිසිවකුට ඉඩනොතබන ලෙස ද අවධාරණය කර ඇත.

තම පක්‍ෂයට මෙවර ජනාධිපතිවරණය සුවිශේෂී මැතිවරණයක් බැවින් තම පක්‍ෂයේ ජයග‍්‍රහණය සඳහා දිය හැකි උපරිම සහය ලබදෙන ලෙස ද ඔහු දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයන්ගෙන් හා පොදුජන පෙරමුණට සහය දක්වන සියලූම දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද කර ඇත.

බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයන්ගේ හා සෙසු දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කර තිබේ.



අදහස් (0)

පොහොට්ටුවේ ප්‍රචාරණ විනයානුකූලව කරන්නැයි බැසිල්ගෙන් උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site