IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


පොහොට්ටුවට යන්නේ නෑ - ශ්‍රීලනිපය වෙනුවෙන් කැපවෙනවා

නාලක සංජීව දහනායක 
 
පාර්ලිමේන්තු මැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමා සූදානම් නැතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීපයට ’පැවසීය.  
 
තමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් හා එහි අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා කීය.
 
ඉදිරි මහා මැතිවරණය ජය ගැනීම සඳහා    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ නායකත්වය යටතේ පොදු සන්ධානයක් ගොඩනැඟිය යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා දෙමළ පක්‍ෂ ඇතුලූ ප‍්‍රගතිශීලී බලවේග එකට එක්ව පොදු සන්ධානයක් ගොඩ නැඟිය යුතු බවත් සඳහන් කළේය.
 
මැතිවරණය ජයග‍්‍රහණය කිරීමේ අරමුණින් එක් එක් පක්‍ෂවලට යාම සහ ඒවායේ සාමාජිකත්වය ලබාගැනීමේ උවමනාවක් තමන්ට නැතැයි කී අමාත්‍යවරයා තමා කැප වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරිගමන වෙනුවෙන් පමණක් යැයිද කීය.



අදහස් (14)

පොහොට්ටුවට යන්නේ නෑ - ශ්‍රීලනිපය වෙනුවෙන් කැපවෙනවා

Lakmal Sunday, 11 November 2018 12:43 PM

පව් කියලත් හිතෙනවා... යන එන මන්නේ...

:       0       0

Amila Sunday, 11 November 2018 01:22 PM

රිලවුන් කිසිම පක්ෂයකට නොගත යුතුයි...

:       0       0

රවින් Sunday, 11 November 2018 01:24 PM

අනේ බට්ටා පනිමුද?

:       0       0

සමන් Sunday, 11 November 2018 02:28 PM

ඔබ කියන වචන නම් අනිවාර්යෙන්ම අපි විශ්වාස කරනවා.. ඔබට ජය..

:       0       0

Don Sunday, 11 November 2018 02:42 PM

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව දෙකම එකම කාසියේ දෙපැත්තක්..

:       0       0

namal Sunday, 11 November 2018 03:08 PM

මේ හාදයා කියන්නේ මේ අමූලික බොරු... මේ මනුෂ්‍යයා පොහොට්ටුවට ගත්තේ නෑ. ජොන්ස්ටන් කියලා ගන්න එපා කියලා. දැන් පස්ස බිම අැනගෙන බොරු කියනවා, හයියෝ මෙහෙමත් විලිලැජ්ජාවක් නැති මිනිස්සු...

:       0       0

Tuan Sunday, 11 November 2018 03:40 PM

දැන් ප්‍රමාද වැඩියි.

:       0       0

ලුම්බිණි Monday, 12 November 2018 12:16 AM

ඔය වගේ කතාවල් ඉස්සරත් කිව්වා නේද?

:       0       3

රවින් Monday, 12 November 2018 12:32 AM

යන්නේ නැද්ද ගන්නේ නැද්ද?

:       0       5

ඩී. ජයදේව Monday, 12 November 2018 02:37 AM

අන්න බුද්ධිමත් මිනිස්සු. ඊලඟ පාර්ලිමේන්තුවේත් කාටවත් 113 ගන්න බෑ.

:       1       10

pitigala Monday, 12 November 2018 03:16 AM

ඕනවට වඩා කැප වෙන්නේ පනින්න කිට්ටුවෙන කොට තමයි.

:       0       24

සෙනෙවි Monday, 12 November 2018 03:42 AM

එජාපෙ ඉන්න කාලෙත් ඔහොම කීවා වගේ මතකයි

:       0       39

banda Monday, 12 November 2018 12:14 PM

ඔබතුමාට ජයවේවා!!! එකෙක් දෙන්නෙක් කොන්ද තියෙන අය ඉන්නවා. ජනාධිපතිතුමා ගිය තැන හත්පොලේ ගාගන්නවා...

:       1       0

Nandana Tuesday, 13 November 2018 07:37 AM

අම්මට සිරි දයාසිරි සිරිසේන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2026 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 636 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 717 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site