(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ - 2018 විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් 4ක් ලබන අඟහරුවාදා (8) සිට මේ 17 වැනි දින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
කොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය වසා තැබෙන පාසල් වේ.
මේ අතර ඇගයීම් මධ්‍යස්ථාන සඳහා යොදාගන්නා තවත් පාසල් 22ක යම් කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදුකරන බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd