IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාසල් හෙට සිට ඇරැඹෙයි

කොරෝනා   ව්‍යාප්තිය  පාලනය වීමත්  සමඟ  රට පුරා  පාසල් අධ්‍යාපන කටයුතු ඇරැඹිමේ  දෙවැනි අදියර  හෙට ( 06)    ශ්‍රේණි  තුනකට අදාලව ඇරැඹිමට නියමිත බව  අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

ඒ අනුව 13 , 11 සහ 5 යන  ශ්‍රේණි සිසුන් පමණක් හෙට   පාසලට කැඳවීමට නියමිතය.

පාසල් ආරම්භයේ පළමු අදියර පසුගිය ජුනි 29  වැනිදා ඇරැඹි අතර එහිදී  සිසුන්ගේ කැඳවීමක් සිදු නොකළ අතර සියලු පාසල්වල විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් සහ පාසල් කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පමණක් කැඳවීම සිදුකර තිබිණි.

එහිදී  පාසල් පරිශ්‍ර පවිත්‍ර කර ගැනීම,  විෂබීජහරණය, දෑත් සේදීමේ පරිශ්‍ර සහ ගිලන් කාමර සූදානම් කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂක පහසුකම් සකස් කරගැනීම මෙන්ම, සිසු දරුවන් පාසලට කැඳවීමෙන් පසු ඉගෙනුම් ක්‍රියාවලිය පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් පූර්ව කටයුතු සැලසුම් කිරීම විදුහල්පතිවරුන් ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සූදානම්  විය යුතු ආකාරය පිළිබඳව  ජූලි 05 වැනිදා තෙක්  උපදේශන පුහුණු ලබා දීම සිදු කෙරිණි.

එමෙන්ම  පාසල් ආරම්භයේ  තෙවැනි අදියර ජුලි මස 20 වැනිදායින් ආරම්භ කෙරෙන අතර, 12 සහ 10 වැනි  ශ්‍රේණි දරුවන් එහිදී  පාසල් වෙත කැඳවනු ලබයි.  ජූලි 27 වැනිදා සිට  හතරවැනි අදියරේ පාසල් කටයුතු ආරම්භ කෙරෙන අතර  එහිදී   3, 4, 6, 7, 8, 9 ශ්‍රේණි සිසුන් කැඳවීමට නියමිතය.

1, 2 ශ්‍රේණි සිසුන්ට පාසල් නැවත ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම්  දැනුම්දීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි .

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිටත් සියලු පළාත් සහ කලාප බලධාරීන් මෙන් ම පාසල් ප්‍රධානීන් මේ සම්බන්ධ සියලු කාරණා පිළිබඳව දැනුම්වත් කර ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා  චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබෙන අතර  සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශද සැළකිල්ලට ගනිමින්  සිසුන්ගේ සෞඛ ආරක්ෂාව තහවුරුවන පරිදි  පාසල් පවත්වාගෙන යාම සඳහා  සියලු කටයුතු සිදු කිරීමට පාසල් ප්‍රධානීන් කටයුතු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි. 

එමෙන්ම පාසල් විවෘත කිරීම සම්බන්ධ ව යෝජිත ව ඇති  විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන මෙම කාලය තුළ පාසලට ගුරුවරුන් පැමිණීමේ දී තමන්ට නියමිත කාලසටහන් අනුව අදාළ කාලපරිච්චේද  තුළ ඉගැන්වීමට පමණක් පාසල තුළ රැඳීම ප්‍රමාණවත් වන බවත්, විදුහල්පතිවරයා විසින් අතිරේක කාර්යයන් පවරා ඇති අවස්ථාවක හැර,  සියලු ගුරුවරුන් පාසල් තුළ පස්වරු 3.30 දක්වා රැඳී සිටීම අත්‍යවශ්‍ය නොවන  බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල් ආරම්භය උදෑසන 7.30 ට සිදු වන අතර  විදුහල්පතිවරයා විසින් සකස්කරන ලද කාල සටහනට අනුව  දහවල් 1.30 ට හෝ 3.30 ට පාසල්   කාලය නිමා කළ හැකි බවද  අමාත්‍යංශය කියයි.

 

 

 

 

 

 



අදහස් (0)

පාසල් හෙට සිට ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site