(සුජිත් හේවාජුලිගේ )
පාසල් දරුවන් වෙනුවෙන් විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස්කර නිසි ආකාරයෙන් එය ක්‍රියාවේ යොදවන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා රජයෙන් සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.
පාසල් පන්ති කාමරේදි ආහාර ගැනීමේදී සහ වතුර පානය කිරීමේදී එකිනෙකාගෙන් වෙන්වී හුදෙකලාව ඒ කටයුතු කිරීමට දරුවන්ට උපදෙස් දෙන්නැයි ගුරුවර ගුරුවරියන්ගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බව විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.
එකට සමීපව ආහාර ගැනීමෙන් සහ වතුර බීමෙන් දරුවන් රැසකට කොවිඩ් ආසාදනයවී ඇතැයි තොරතුරු ලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන්ම පන්ති කාමරයෙන් පිටත වෙනම ස්ථානයක හුදෙකලාව ආහාර ගැනීමට සලස්වන්නේ නම් එය වඩාත් සුදුසු බව පැවැසූ දීපාල් පෙරේරා මහතා ආහාර ගැනීම සහ බෝතල්වලින් වතුරබීම හවුලේ නොකළ යුතු බවද පෙන්වා දුන්නේය.
පාසල් වැසීමකින් තොරව පවත්වාගෙන යෑමට නම් සෞඛ්‍ය මාර්ගෝපදේශ පාසල් වල විධිමත් ආකාරයෙන් ක්‍රියාවේ යෙදවිය විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර කොවිඩ් මර්දන එන්නත ලබා ගත් දරුවන් කිසිවකුටත් සංකූලතා මතුවී නැති හෙයින් බිය නොවී එන්නත් ගැනීමට පැමිණෙන්නැයිද විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලීමක් කළේය.
අවුරුදු 12ට වැඩි විවිධ ආබාධ වලින්(සංජානනීය ආබාධ) පෙළෙන දරුවන්ට කොවිඩ් එන්නත් මාත්‍රා දෙක ලබාදීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වන බව පැවසූ හෙතෙම වයස අවුරුදු 15 ට වැඩි දරුවන්ට එක එන්නත් මාත්‍රාවක් ලබා දීමේ වැඩපිළිවෙළද ආරම්භවී කරගෙන යන බවද පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවසේදී ආහාර අනුභව කර පැමිණීමට දරුවන් යොමු කිරීම, පාසලේ දී විවේක කාලය නොදී ඉගැන්වීම් කටයුතු කර එහි ගත කරන කාලය අවම කිරීම (ප්‍රාථමික දරුවන් සඳහා නම් පෙ ව.8.00 _ ප.ව_1 2.00 කාලය රඳවාගැනීම සුදුසු වේ) .