(ඩයනා උදයංගනී)

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් වසා දමා තිබූ පාසල් යළි ආරම්භ කරමින් ‍රට පුරා පිහිටි සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ අද (21) විවෘත කෙරිණි.

ඒ අනුව පාසල් 3,000 ක පමණ අධ්‍යාපන කටයුතු අද ඇරඹුණු අතර පාසල් යන දරුවන්ගේ සොඳුරු දසුන කලකට පසු දැකගන්නට හැකිවිය.

ගුරු වර්ජනයක් ලබන 25වැනිදා දක්වා ක්‍රියාත්මක වෙද්දීත් ඇතැම් ගුරුවරු පාසල්වලට පැමිණ සිටියහ.

දරුවන්ගේ පැමිණීම අවම මට්ටමක පැවතියත් පාසල්වලට පැමිණි සිසුන් පැවසුවේ යළි පාසල් ආරම්භ කරන තුරු තමන් ආසාවෙන් බලා සිටි බවයි.


යක්කල , කිඹුල්ගොඩ විද්‍යාරාජ කනිෂ්ඨ විදුහල

(ඡායාරූප: තිලකරත්න දිසානායක)


 

මැදිරිගිරිය විහාරගම ප්‍රාථමික විදුහල  (චාපා මධුභාෂිණි)

බොල්ගොඩ සෙත් නදී ප්‍රාථමිකය (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බරවකුඹුක වෙලන්ගහවල විදුහල

(ඡායාරූප: සනත් ගමගේ)


කළුවාමෝදර කනිෂ්ඨ විද්‍යාලය

(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)


වීරාණ ප්‍රාථමික විද්‍යාලය

(ඡායාරූප: නිමල් ජයරත්න)


ලුණුගම්වෙහෙර කොට්ඨාශයේ කැන්දගස්මංකඩ ප්‍රාථමික විදුහල

(ඡායාරූප: සනත් ගමගේ)

කඩවත බෞද්ධ විද්‍යාලය (රාගම විමුක්ති එස් රුද්‍රිගු)

පමුණුගම විද්‍යාලය (මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර)