(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සියලුම ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව දුන් වහාම පාසල් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.
රටේ ගුරුවරුන්ගෙන් සියයට 84 කටඑන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් යැයිද හෙතෙම සඳහන් කළේය.
අධ්‍යාපන ඇමතිවරයා මෙසේ පැවසුවේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ගුරුවරුන්ගේ වැඩ වර්ජනය නිසා විශාල අසාධාරණයක්වී ඇත්තේ අඩු වරප්‍රසාදලාභී දරුවන්ට බවත් වරප්‍රසාද සහිත දරුවන් අන් කාලවලදීටත් වඩා ඉගෙනීම් කටයුතුවල නියැළෙන බවත් ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මේ තත්වය නිසා දරුවන්ගේ අධ්‍යාපනය ගැන මෙයට වඩා අවධානය යොමු කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.
පාසල් සැමදා වසාගෙන සිටීමට හැකියාවක් නැතැයි අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.
COMMENTS
ආණ්ඩුවේ ගොන් තීරණවලට අහුවෙලා අපි ඉස්කොලෙට ළමයි එවයි කියල හිතුවද?
ආණ්ඩුවේ ගොන් තීරණවලට අහුවෙලා අපි ඉස්කොලෙට ළමයි එවයි කියල හිතුවද?
අධ්‍යාපනය තුළ තියෙන ගැටළු දිහා බැලුවාම මම නම් හිතන්නේ නැහැ පාසල් විවෘත කරන්න පුළුවන් වාතාවරණයක් ඇතියි කියලා... විභාග වලටත් ඒ ටිකම තමයි..
අවුරුදු 30 ට අඩු ගුරුවරුන්ට මාත්‍රා දී නැතිද ?