IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


පසුපෙළ මන්ත්‍රීවරු විමල්ගේ වැරදි අගමැතිට කියති

ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ  පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් 43 දෙනකු අගමැතිවරයා අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේ මෙම පැමිණිල්ල කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මුස්ලිම් අන්තවාදය සමග දීග කෑමට ආණ්ඩුවේම සමහර පිරිසක් සූදානමින් සිටින බවට වීරවංශ මහතා කොළඹදී 9 වැනි දා  පැවැති සමුළුවකදී කළැයි කියන ප්‍රකාශය මන්ත්‍රීවරුන් මෙම පැමිණිල්ල කිරීමට ආසන්නම හේතුව බව ද පැවැසේ.



අදහස් (14)

පසුපෙළ මන්ත්‍රීවරු විමල්ගේ වැරදි අගමැතිට කියති

mihira Thursday, 11 March 2021 03:22 PM

දැන් මහින්ද ඕක අහලා විමල් අස් කරයි නේද? කොහෙන් හිනාවෙන්නද මන්දා මේවට?

:       1       49

sampath Thursday, 11 March 2021 03:29 PM

ඔය එක පෙළක්වත් පහුගිය කාලේ හිටියේ නෑ. මොනවා වුණත් මුලින්ම පාරට බැහැපු මිනිස්සු පස්සේ ඇවිත් කොටවලා ගතු කියලා.. ආයෙ හිටපු තැනට තල්ලු කරන්නයි හදන්නේ... බලේ තියෙද්දී මොලේ නෑ කියන්නේ ඕකයි.

:       2       37

Raveendra Thursday, 11 March 2021 03:47 PM

විමල්ද, නිමල් ද කවුද කියා අපට අදාළ නැත. කෙනෙකු තව කෙනෙකුගේ වැරදි කියනවා හෝ අඩුපාඩු හොයනවා යනු ඒ පුද්ගලයා 100% නිවැරදි පුද්ගලයකු විය යුතුමයි. ලොවේ කොතනකවත් 100%ක් නිවැරදි මිනිසුන් නොමැති බව අනිකාගේ වැරදි කියන මේ "තකතීරුවන්ට" නොතේරෙන කරුණ මළපොතේ අකුරක්වත් නොදන්නා නූගත් මිනිසුන්ද වටහාගත් කරුණකි. එබැවින් මේ "එක එකාගේ වැරදි හොයන්නේ මූසලයන්" බව අමුතුවෙන් කිව යුතු නැත. දියවන්නාව පට්ටියේ ඉන්නා තරමක් තිරිසනුන් ඉන්නේ අනිකාගේ වැරදි හොයන අය බව මෙයද කදිම උදාහරණයකි.

:       4       39

Rata Perata Thursday, 11 March 2021 06:17 PM

විමල් කියන්නේ කවුද කියලා දැන්ද දන්නේ...? නම් වෙනස් කරගෙන පවුල් වලට ආණ්ඩුවේ ගෙවල් දීලා නෝනට පාස්පෝර්ට් 02 ගානේ හදලා.. දැන්ද අගමැතිට කියන්න ඕනෑ වුණේ? ඉතින් නිවැරැදි කෙනෙක්ද? එයත් හෙල්පින් හම්බන්තොටින් ගැහුවේ..

:       3       4

Kumara Thursday, 11 March 2021 06:21 PM

ඒවා නම් කොහේද නේද විමලේ? අගමැතිතුමාට ගෙදර යන්න වුණොත් මිසක්...

:       0       2

විපරමා Thursday, 11 March 2021 08:27 PM

විමලේ විතරද වැරැදි. ඉන්නේ වැඩිහරියක් අනුන්ගේ දේවල් හොයන අය. තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ නොපෙනුණාට අනුන්ගේ ඇස්වල තියෙන රොඩු නම් පේනවා.

:       2       0

Ravi Friday, 12 March 2021 01:54 AM

මම හිතන්නේ අගමැතිතුමා දැන් විමල්ගෙ කණ මිරිකලා ඔළුවට හොඳ ටොක්කක් අනියි.

:       0       2

pradeepa Friday, 12 March 2021 03:18 AM

ඔය 45 දෙනාම පාර්ලිමේන්තු ආවේ විමල්ලාගේ කැපවීම් නිසා. දැන් හරි නැහැ. ඕක මහින්දගේත් පුරුද්දක්. මහින්දත් නගින්න දුන්නු ඉනිමගට පයින් ගැහුවා මතකයිනේ.. ජවිපේ.., ශ්‍රීපති, එල්.ටීටී.ඊ., මංගල...

:       2       11

ruwan Friday, 12 March 2021 04:27 AM

සෞභාග්‍යයේ දැක්ම කෙසේවෙතත් බැසිල්ගේ දැක්ම නම් මේ දිනවල හොඳ්න් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ. 2015දී මහින්ද මහතාගේ පරාජයට බැසිල්ගේ ක්‍රියාකලාපය හේතුවක් විය. ඒ පරිද්දෙන්ම ගෝඨාභය මහතාව අප්‍රසාදයට ලක්වීමට බැසිල්ගේ වැඩපිළිවෙළ හේතුවනවාට සැක නැහැ. බැසිල්ගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමට ගහන ගේම් නිසා මහජනතාවට නැවත වරක් පරාජය අත්වේදැයි සැකයි.

:       1       12

Dewa Friday, 12 March 2021 04:29 AM

මේවා.. මෙයාලගේ මාධ්‍ය සංදර්ශන... මහජනතාවගේ අවධානය වෙන පැත්තකට හරවන වැඩ සමහර හාමුදුරුවරු කරන්නෙත් ඒකයි.

:       0       9

sharm warn Friday, 12 March 2021 05:48 AM

හරියට හරි දේවා. මේ ගොල්ලෝ අර ළදරු පාසලේ ළමයි වගේ විදුහල්පතිට පැමිණිලි කරනවා. දවස් 2ක්, 3ක් ගියාම විදුහල්පති පැමිණිලි කාරයින්ට අවවාද කරනවා සමගිවෙලා වැඩ කරන්න කියලා... මොකෝ කිව්වොත් විදුහල්පති දන්නවා ... අර දඟ ළමයා එළියට දැම්මොත්... ඇඳි වතත් නැතිව එළියට යන්න වෙන්නේ කියලා.

:       0       6

jagath Friday, 12 March 2021 08:38 AM

ඔව් ඒක හරි.. විමල් ලෑස්ති වෙන්නේ පොහොට්ටුවේ ඉඳන් පොහොට්ටුවට ගේම් ගහලා තනියම උඩට යන්නයි. මුලු ඔලුවම කන්නයි සූදානම.

:       2       3

කපුරුහාමි Friday, 12 March 2021 01:11 PM

එක එකා කේළම් කිව්වා කියලා අගමැති, විමලෙ අයින් කරන එකක් නැහැ.. විමලෙගේ වාචාල හැකර කට හින්දා තමයි ඔය කවුරු කවුරුත් අද ඔහොම ඉන්නේ...

:       0       4

janabala asamagi Tuesday, 16 March 2021 03:47 AM

ඔය එක පෙළක්වත් පහුගිය කාලේ හිටියේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රජරට දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු
2024 පෙබරවාරි මස 21 639 1

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇ


මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට
2024 පෙබරවාරි මස 21 2081 3

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන


උද්ධමනය තවත් ඉහළට
2024 පෙබරවාරි මස 21 613 2

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.


පුංචි දියණියක් ජර්සි 45ක් ඇඳ ලෝක වාර්තාවක් තබයි
2024 පෙබරවාරි මස 21 1024 0

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සෝෆියා හේඩ්න් නම් දියණියක් එකවර ජර්සි 45 ක් ඇඳගනිමින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත. ලෝක වාර්තාව තැබීමේදී සෝෆියාට ඇය ඇඳගන්නා සෑම


ශානි ගැන වාර්ථාවක් අධිකරණයෙන් ඉල්ලයි
2024 පෙබරවාරි මස 21 1199 1

රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකර


ශ්‍රී ලාංකික සංකල්පයෙන් එකමුතුව ගොඩ නගමු
2024 පෙබරවාරි මස 21 536 4

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 157 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 228 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 250 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site