(නිමල කොඩිතුවක්කු)
රට සෞභාග්‍යමත් කිරීමට පැමිණි ආණ්ඩුව පසුගිය මාස 15 ක කාලය තුළ හතර දෙනෙකුගෙන් යුත් පවුලක් රුපියල් ලක්ෂ 6කින් ණය කාරයින් කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.
ඒ අනුව රාජපක්ෂ ආණ්ඩුව පත් වූ මාස 15 තුල එක් පුද්ගලයකු රුපියල් එක් ලක්ෂ පනස් එක් දහසකින් ණය කාරයින් බවට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආර්ථික දැක්මක් අවබෝදයක් නැති රාජපක්ෂ පවුල පරිසරය, ආර්ථිකය, කෘෂිකර්මය අධ්‍යාපනය ආදී සියල්ල විනාශ කරමින් යන බවද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලුම අයියලා එකතු වී රට පාලනය කළත් රට ගොඩ ගැනීම සඳහා ශක්තියක් ඔවුන්ට නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
මෙවන් කතා විශ්වාස කරන අයද රටක සිටිය යුතුයි... එහෙත් 77 පටන් මේ වනතෙක් යනුවෙන් නිවැරැදි වූවා නම් වඩාත් හොඳයි. ඒ ණය හැමදාම වැඩිවූවා මිස අඩුවූයේ නැහැ...
එතකොට මාස 15ට ඉස්සෙල්ලා..
ඔයගොල්ලොත් කරේ ඔය ටිකමයි
එයාට මෙයාට කියන්නේ ඔයාල ආණ්ඩුව කරන කාලෙ ගාන කීයද කියන්න .
එතකොට තමුන්නැහෙලාගේ කාලේ කොච්චර අපි ණය කාරයෝ වුනාද කියලා කියන්න පුළුවන්ද? කෝකත් කලේ අපි ණය කාරයෝ කරපු එක තමයි. දැන් මුකුත් නොකලා වගේ බබා වෙන්න හදන්න එපා
බයිලා කියන්න එපා. යහපාලනයත් ණය ගත්තා තමයි. හැබැයි ඒ ඔහෙලගේ රාජපක්‍ෂ පවුල ගත්ත ණය ගෙවන්න. යහපාලන කාලේ සල්ලි අච්චු ගැහුවේම බිලියන හතරයි. උගත්, බුද්ධිමත් මහබැංකු අධිපති කෙනෙක් හිටියේ. කාටවත් නටන්න දුන්නේ නෑ. ඔහෙලගේ රාජපක්ෂ නඩේ ඇවිත් අවුරුදු දෙකට රුපියල් බිලියන 300ක සල්ලි අච්චු ගහලා රට සල්ලි කොළ වලින්ම සොෟභාග්‍යමත් කළා..
ඔව්වට වගකියන්න ඕනේ කොරෝනා බොරුව කරේ තියන් කඩේ ගියපු අය... මාධ්‍ය සංදර්ශන තිය තිය කිව්වේ රට වහන්න කියලා... දැන් සැපද?
තමන්ගේ පාලන කාලයේ රටේ ණය බර අධික ලෙස වැඩි කළ පක්ෂයක සාමාජිකයෙකු ලෙස, මොහුට අද රටේ ණය පිළිබඳව කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැහැ...
ඕක මොකක්ද? ඕගොල්ලෝ ගිය අවුරුදු 5 කිසිම වැඩක් නොකර ට්‍රිලියන 7ක් රටම ණය කලේ. මේ ගොල්ලෝ ණය කලේ එක පුද්ගලයක් පමණයි. පුළුවන් අය තම තමන්ගේ ණය ටික බෙරුවොත් වැඩේ ශේප්....
කලින් හරියට කරානම් මේ වැඩේ වෙන්නේ නෑනේ...
මෙයාලා කතාකරන්නේ හරියට යහපාලනේ ණයවෙලා නැතිව වගේ... මෙයාලා හිටියා නම් භාගෙට භාගයක් මෙලහකටත් වලපල්ලේ. ඒකෙන් අපට විශාල වාසියක් වුණා... කියලා හිනාවෙවී මාධ්‍ය සාකච්ඡා තියයි.