
(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න )
පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලු වෙළුම් 28 මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට බාරදුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද ( 23) දැනුම් දුන්නේය.
නඩුව අවසන්වී විත්තිකාරයන්ද නිදහස්වී සිටින අවස්ථාවක මේ වෙළුම් කුමකටදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය .
කිරිඇල්ල මහතා මෙසේ ප්‍රශ්න කළේ පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කෙරුණු අවස්ථාවේදීය.
මෙම සාක්ෂි සටහන් දැන් ලබාදීම පලක් නොවන බවත් මේවා ලබා දීමට තිබුණේ මීට අවුරුද්දකට කලින් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේය.
මේ වාර්තාව කලින් දුන්නේ නම් මන්ත්‍රීවරුන්ට ඒ ගැන අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ පාර්ලිමේන්තුවට ඊයේ බාරදුන් පාස්කු කොමිෂන් සභා වාර්තාවේ වෙළුම්වල පිටු 69,800ක් ඇති බවයි.
එවැනි වාර්තාවක් පරිශීලනය කිරීම දුෂ්කර බවත් වාර්තාව කෙටිකර සාරාංශයක් ලෙස ලබාදෙන්නැයි තමා ඉල්ලීමක් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයා තමාට භාරදුන් පහසු කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් සියල්ල මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට බාරදී ඇති බවයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.