(අජන්ත කුමාර අගලකඩ)
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට හෙට (23) ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) රාත්‍රීයේ රැස්වූ අතර එහිදී ජනාධිපතිවරයා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රීයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම වාර්තාව කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අව්‍යශ වූයේ එහි සිංහල පිටපත සකස්කර නොතිබූ නිසා බවත්, එම වාර්තාවේ කිසිවක් සැඟවීමට අවශ්‍යතාවයක් නැති බවත් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මස 21 වැනිදා 5 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කොමිසන් සභාවක් පත්කරනු ලැබීය.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ෂංක බන්දුල කරුණාරත්න, විශ්‍රාම අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.
එම කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉකුත් පළමු වැනිදා භාර දෙනු ලැබීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාස්කු ප්‍රහාර වාර්තාව හෙට පාර්ලිමේන්තුවට
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 February 2021 02:08 AM
මාගේ සිතීමේ නිදහසට අනුව, මේ දේශපාලකයන් තමන්ට කැමති අයව පත්කොට තමන්ගේ ප්‍රතිවිරුද්ධවාදීන් ගැන තීන්දු තීරණ ගැනීමට පත්කරනු ලබන මේ කොමිසම් ගැන මගේ නම්, සත 05ක විශ්වාසයක් නැහැ. කොමිසම පත්කරනු ලබන දේශපාලකයාගේ සිතැඟි අනුව, ඔහුට හිතවත්, ඔහු දන්නා අයව තමයි මේ සඳහා පත් කරන්නේ... එසේනම්, තමන්ට සියලු පහසුකම් හා මුදල් හදල් දෙන තමන්ව පත්කළ කෙනාට ඔවුන් අකීකරු වේවිද? සාමාන්‍යයෙන්, නඩුවක් විභාගයේදී චූදිතයෙකුව විනිසුරුවරයා හඳුනන්නේ නම්, එම විනිසුරු අදාළ නඩුවෙන් ඉවත්වේ. එබැවින්, දේශපාලකයන් විසින් පත්කළ කොමිසම් මගින් දෙන තීන්දු තීරණ රටේ පිළිගත් අධිකරණයේ තීන්දු තීරණමෙන් සාධාරණ වන්නේද? නැත්තේමය. පාස්කු ප්‍රහාරයේ වැරැදිකරුවන්ට දැඩි දඬුවම් හිමිවිය යුතුමයි. එහෙත්, එම දඬුවම් පිළිගත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් ලැබූ ඒවා විය යුතුයි. කොමිසම් තීන්දු මෙන් පක්ෂග්‍රාහී සදොස් ඒවා නොවීය යුතුයි. සිදුවිය යුත්තේ එයයි. එහෙත්, සිදුනොවන්නේද එයයි.