IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාස්කු ප්‍රහාර තොරතුරු එස්.ටී.එෆ්.ට දැන්වූයේ නෑ

සහරාන් කල්ලියේ ප්‍රහාරය ගැන බොහෝ අංශ අප්‍රේල් 20 වැනිදා වනවිට බොහෝ තොරතුරු දැනගෙන සිටියද ඒ තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකායට නොදීම තමාට අදටත් ප්‍රහේළිකාවක් බවත්, පොලිස් විශේෂ කාර්ය බළකායට ඒ තොරතුරු ලබා දුන්නා නම් මේ මහා විනාශය සිදු නොවන්නට ඉඩ තිබූ බවත් එම බළකාය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් ඊයේ (25) පැවැසීය.

තමාට අප්‍රේල් 9 වැනිදා ලැබුණු බුද්ධි තොරතුරක් අනුව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂාවට විශේෂ භට කණ්ඩායමක් යොදවා එහි ආරක්‍ෂාව තර කළ හෙයින් එම කාර්යාලය ප්‍රහාරයකයන්ගෙන් බේරුණු බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා එසේ පියවර නොගත්තා නම් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ද ප්‍රහාරයට ලක්වීමට ඉඩ තිබිණි යැයි ප්‍රකාශ කළේය.

තමාගත් පියවර පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් තමාට විශේෂ ස්තුතියක් කළ බව ද ඔහු කීවේය.

ක්‍රිස්තියානි දේවස්ථානවලට පහර දෙන සැලැස්මක් පිළිබඳව තමාට නිශ්චිත තොරතුරු නොලැබුණු බවත් පල්ලි සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් ලැබුණ නම් කුමන හෝ ආරක්‍ෂාවක් සැපයීමට අවස්ථාව තිබූ බවත් ඔහු පැවැසීය.

ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට හෝ අඟහරුවාදා පැවැත්වෙන බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කිසි දිනෙක සම්බන්ධකර නොගත් බවත් රටේ ප්‍රධාන මෙහෙයුම් ආයතනයක් එම රැස්වීම්වලට සහභාගි කර නොගැනීම විශාල අඩුපාඩුවක් බවත් ලතීෆ් මහතා පැවැසීය.

නැගෙනහිර පළාතේ බුද්ධි අංශ කිසිවක් සහරාන් ගැන තමාට තොරතුරු වාර්තා නොකළ බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එය බුද්ධි අංශවල අඩුපාඩුවක් බව පිළිගත්තේය.

ප්‍රහාරයෙන් පසුව සහරාන් ගැන තොරතුරු වේගයෙන් ගලා ආවත් ඊට පෙර එවැනි තොරතුරු ගලා ඒමක් සිදු නොවුණු බවත් තමා සහරාන් ගැන දැනගත්තේද මේ ප්‍රහාරයෙන් පසුව බවත් ලතීෆ් මහතා කීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි නියෝජ්‍ය සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (25) පෙරවරුවේ රැස්විය.

 



අදහස් (1)

පාස්කු ප්‍රහාර තොරතුරු එස්.ටී.එෆ්.ට දැන්වූයේ නෑ

රවින් Friday, 26 July 2019 06:57 AM

ඔක්කොම තොරතුරු තියාගෙන හිටන් ඉන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site