IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘‘පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බෑ‘‘

(හසිත රංග ගුණතිලක)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කොළඹදී පැවසූහ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලැබූ ඇතැම් කොමිසන් සභා මගින් එම ප්‍රහාරයේ සත්‍ය තොරතුරු අනාවරණය වීම යටපත් කළ බවද අගරදගුරුතුමෝ කීහ.

පුංචි බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී අද (18) පැවැති හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

විවිධ කොමිසන් සභා පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලුවද මෙරට ආරක්ෂක අංශ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට කිසිඳු වැඩපිළිවෙළක් දියත් කරන බවක් මෙතෙක් පෙනෙන්නට නැතැයි අගරදගුරුතුමෝ වැඩිදුරටත් පැවසූහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 



අදහස් (23)

‘‘පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බෑ‘‘

Devinda Uduwara Tuesday, 18 February 2020 07:58 PM

කාදිනල් තුමනි ඔබතුමාගේ අදහස් සමග එකඟ වෙමි. කල් මැරීමත් අපිට සැකයි.

:       0       108

NissankaWednesday, 19 February 2020 04:18 AM

මෙය තනිකරම ජාතික ආරක්ෂාව යන සටන් පාඨය කරළියට ගෙන ආ ජනමතය වෙනස් කර ජාතින් අතර අසමගිය ඇතිකර බලයට පත්වීම සදහා සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණයක්. ආරක්ෂක අමාත්‍යාංශය මගින් වැටුප් ගෙවා සහරාන්ලා පෝෂණය කළ අය තමා මහ මොලකරුවෝ.

:       0       123

kamal koyralaWednesday, 19 February 2020 08:15 AM

ඇත්ත ඒ වෙනුවෙන් නගර සභාව් තෑගි දුන්න අනික් අය නිදහස් කළා.

:       0       2

බද්රානි Tuesday, 18 February 2020 08:24 PM

ඔබ වහන්සේ විමර්ශන ගැන සැහීමකට පත් නොවුනට, බෝම්බ ප්‍රහාරකයින්ට මේ වන විටත් සාධාරණය ඉටුවී තිබෙනවා. ඔබ වහන්සේ තව වැඩිපුර යාඥා කරන්න එවිට බෝම්බ ප්‍රහාරයේ මහා මොළ කරුවන් ගැන වැටහේවි?

:       1       210

Rohan Tuesday, 18 February 2020 09:20 PM

ඔව්, කතාව හරියටම හරි. හිටපු සේනාධිනායකයා ප්‍රධාන වශයෙන් වගකියන්න ඕන.

:       0       75

saman Tuesday, 18 February 2020 09:53 PM

කතෝලිකයන්ගේ විරෝධය මෙයට එද්දී නිකන් තත්වය සමතයකට පත් කරගන්න කරපු ප්‍රකාශයක්.

:       9       167

abaran Tuesday, 18 February 2020 10:06 PM

හොරාගේ අම්මගෙන් පේන ඇහුවානම් ඔයිට වඩා හොඳා....

:       1       140

Wijebahu Tuesday, 18 February 2020 10:27 PM

ඉතින් කාදිනල් තුමනි, සිරිසේන මහතා සභාපති කරා. සයින්දමරුදු නගර සභාවක් කරා ඒ මදිද?

:       1       358

vidya Tuesday, 18 February 2020 10:58 PM

අතිගරු අගරදගුරුතුමනි, ඔතනට අවශ්‍ය තුන් දෙනයි. හිටපු ජනාදිපති , හිටපු ආරක්ෂක ලේකම්, සහ හිටපු පොලිස් පති. එම තිදෙනාගෙන් අහන්න. වැඩි දුර යන්නට ඕනෙ නැත.

:       0       127

dhammika perera Wednesday, 19 February 2020 02:17 AM

අගරදගුරු තුමනි, අපරාධය මෙහෙයවපු උදවියම පරීක්ෂණ මෙහෙයවනකොට සත්‍ය තොරතුරු කොහොමද එලි වෙන්නේ?

:       2       479

ඩී. ජයදේව Wednesday, 19 February 2020 02:30 AM

කරන්න දෙයක් නෑ. දැන් නම් සෑහීමකට පත් වෙන්නම වෙනවා.

:       53       125

nirwan disanayake Wednesday, 19 February 2020 02:38 AM

ජනාධිපතිවරණයේදී කඩේ ගියාට වැඩේ හරි ගියේ නැහැ වගේ. එයාව සභාපති කලානේ පව්. දැන් මහ මැතිවරණේ ලග නිසා තව කොන්පරන්ස් ටිකක් කරන්න වෙයි වගේ.

:       8       187

Pradeep Wednesday, 19 February 2020 02:54 AM

100%ක්ම එකගයි අදරදගුරු තුමනි. එක ප්‍රවෘත්තියක මම දුටුවා මෙම අනතුර වලක්වා නොගැනීමට ක්‍රියා කලැයි කියලා පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ගැන විමර්ශනයක් කරනවා කියලා. නමුත් පැහැදිලිවම ඇතැම් දේශපාලකයන් මේ ගැන දැනුවත් වෙලා හිටියා කියලා සාක්ෂි තිබියදීත් ඔවුන් ගැන විමර්ශනය නොකිරීම කණගාටුවට කාරණයක්. පසුගිය රජයේ මේ ගැන තිබුණු මන්දගාමී තත්වය ගැන කලකිරුණු ජනතාව නව රජය ගැන විශාල බලාපොරොත්තුවක් තියාගත්තා. නමුත් ඔවුන්ගෙනුත් නිසි ප්‍රතිචාර නොලැබෙන විට සාමාන්‍ය ජනයාට කාගේ පිලිසරනක්ද..

:       0       141

athuraWednesday, 19 February 2020 06:17 AM

මහත්මයා, ගිනි බින්ද කෙනාම තමයි ඡන්දෙ දවස්වල දඩයම කර තියාගෙන ගියේ.

:       2       40

කුසල් Wednesday, 19 February 2020 03:10 AM

සැලසුම් කරපුවා ගැන ආයේ හොයන්න දෙයක් නැහැ, නමුත් මේ රටේ ජනතාව සමහර පුද්ගලයො ආගමක් විදිහට අදහනවා, ඒ නිසා සත්‍ය පිළිගන්න කැමති නැහැ,

:       1       178

eresh S kumara Wednesday, 19 February 2020 03:18 AM

ඔබ වහන්සේ මේක ගැන මහන්සි වෙන තරම් අනිත් අය මහන්සිවෙලා වැඩ කරන්නේ නැති බවක් තමයි පෙනෙන්නේ

:       1       63

Peiris Wednesday, 19 February 2020 03:32 AM

දැන්වත් ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඇත්ත කතා කරන්න.

:       0       59

Mahesh Wednesday, 19 February 2020 03:40 AM

පොදු ප්‍රශ්න වලට නම් කතා කරන්නේ නැත. හැබැයි පාස්කු එක ගැන විතරක්ම කතා කරයි. රටේ ඉක්මනින් විමර්ශනය කර අවසන් කරපු මිනීමැරුම් නඩු ගැන නම් අසා නැත... දැන් පවතින දේශපාලන පරිසරය තුල සැබෑ වගකිවයුත්තා සිටින්නේද ආන්ඩුවේය. ඉතින් ඕවා යටයන එක වෙන්නේ. නැත්නම් නිලධාරීන් කීපදෙනෙක් පිටින් යාවී...

:       0       273

මුණසිංහ Wednesday, 19 February 2020 03:54 AM

සැහීමකට පත් වෙන්න බැරි නම් කරන්න තියෙන්නේ එක දෙයයි. ඔබ වහන්සේ දන්නා සියලු දේ ප්‍රසිද්ධ කරන්න. එවිට කාටත් ඇස් ඇරේවි.

:       1       9

Asanga Wednesday, 19 February 2020 04:11 AM

අපි බලාපොරොත්තු වෙච්ච දෙය නොලැබුණේ පාර්ලිමේන්තුවේ ඔක්කොම හොරුන් ආරක්ෂා කරන නිසාවෙනි. මෙවර ඡන්දෙදි මේ අය ඔක්කොම ගෙදර යවමු. එයයි එකම විසදුම.

:       0       3

Raveendra Wednesday, 19 February 2020 06:04 AM

ඔබ වහන්සේගේ අදහස් සමග අපද එකග වන්නෙමු. කෙසේ හෝ" මිහරකුන් 225 ම සත්ගුණවත්, පින්වත් ,අහිංසක තක්කඩියන්විමට " උපරිම උත්සාහය දරන බවනම් 200% විස්වාසය.

:       0       4

සේන Wednesday, 19 February 2020 06:34 AM

මෙතුමා කතා කරන්නේ පාස්කු ප්‍රහාරය ගැනමය. ඊට හේතුව ඊට හසු වූයේ කතෝලික ජනතාව වීමය. එතැනටම ගොනු නොවී රටේ අනෙකුත් පොදු ප්‍රශ්න ගැනත් කතා කරන්නේ නම් පුලුල් කෙනෙකු ලෙස හඳුනාගත හැක. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව තවම නිවැරදි , ගැඹුරු පරීක්ෂණ සිදුවන වගක් නොදැනේ.ඊට ගැටලු ඇත. මහා මැතිවරණයෙන් පසු එය නිවැරදි වේ යැයි සිතමු

:       54       0

athuraWednesday, 19 February 2020 10:27 AM

රට ජාතිය බේරගන්න ඡන්දේ දුන්න අයට දැන් කියන්න වී ඇත්තේ ඔය ටික පමණි.

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත
2025 මැයි මස 09 97 0

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍


වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 141 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
2025 මැයි මස 09 1301 0

මාදුරුඔ‍ය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය


බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 965 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
2025 මැයි මස 09 169 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 450 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1242 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 315 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1341 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site