
(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට දඩුවම් දී කතෝලික ජනතාවට සාධාරණය ඉටුකළ යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
තම දේශපාලන ජීවිතයේ කණගාටුදායකම සිද්ධිය පාස්කු ප්‍රහාරය බවත් තමන්ට ඒ පිළිබදව විශාල වේදනාවක් පවතින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ‘විසදුමකට ජවයක් නව ඇරඹුමකට සවියක්’ යන තේමාව යටතේ පොලොන්නරුව බෞද්ධ සංගම් ශාලාවේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ බලමණ්ඩල ශක්තිමත් කිරීමේ වැඩසටහනට එක් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රශ්නය ඉතා සංකීර්ණ හා බොහෝ දීර්ඝව කතා කළ යුතු දෙයක් බව කී ජනාධිපතිවරයා මේ වන විට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විසිගණනක් පවතින නිසා ඒ ගැන වැඩි යමක් කතා කිරීමේ හැකියාව තමන්ට නැතැයි ද පැවසීය.
මෙයින් මියගිය, තුවාල ලැබූ ඇතුළු සියලු දෙනාට සාධාරණත්වය ඉටුවිය යුතුය යන්න තමාගේද ස්ථාවරය බව හිටපු ජනාධිපතිවරයා කීවේය.
තමාටත් ඒ පිළිබදව විශාල වේදනාවක් ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා තම රජය යටතේ වින්දිතයන්ට වන්දි ගෙවීම, දේවස්ථාන සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීම ආදිය සිදුකළ බව ද පැවසීය.
කතෝලික ජනතාව සම්බන්ධයෙන් තමන් තුළ විශාල ගෞරවයක් ආදරයක් ඇති බව කී සිරිසේන මහතා ඒ සෑම කෙනෙකුට ම සාධාරණත්වය ඉටු විය යුතු බව ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු ලැබුණු වෙලාවේ හරි තීන්දුව ගත්තා නම් මේ ප්‍රශ්න නැහැ..
ඉස්සෙල්ලාම දඬුවම් කරන්න වෙන්නේ එයාට...
පොලිමේ 1 . ප්‍රධාන වගකිවයුත්තට දඬුවම් කරන්න.
මෙන්න මේ වගේ කතාවලට තමයි කියන්නේ දෙකොනින් හිනායන කතා කියලා. කොහොම වුණත්, ඡන්දෙට අලුත් උප්පර වැට්ටියක් එහෙම දාන්න හිතිලා වගෙයි. ඒත්, මේවාට දැන්නම් මේ රටේ මිනිස්සු රවටනවා බොරු...
කිඹුලෙක් කඳුළු හෙලයි. ඒකත් පත්තරෙන් කිව්වානම් අපිටත් දැනගන්න තිබ්බා...
මෙයා හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදිලා කියලද? මිනිස් ජීවිත වල වටිනාකම නොදන්නා නායකයින්...
පිටකොටුවේ පික් පොකට් කාරයෝත් ඔහොමයි. පොකට් ගහලා කෑ ගහගෙන දුවනවලු අන්න හොරෙක් අල්ලපියව් කියලා..
රටේ ආරක්ෂක ඇමැති ඇතුළු වගකීම් පැහැර හැරිය සියලු දෙනාට උපරිම දඬුවම් දෙන්න. දැන් මෙයා ඡන්දෙට යන්නේ ඡන්දෙ එකතු කරන්න වගේ...
වගකිවයුත්තෝ හොයන්න.?
දැන් ද මතක් වුනේ. එදා කොහෙද හිටියෙ. කොමිෂන් වාර්තා අනුව තමනුත් වැරදිකරුවන් ගොඩට වැටෙනවා.
මෙච්වරකල් කොහෙද දන්නේ නැහැ උන්නේ? දුක හිතිලා.
දඬුවම් දෙන්න දෙයක් නැහැනේ උසාවියට භාර වුනානම් ඉවරයිනේ.
දැන් අන් අය වෙනුවෙන් වැලපෙමින් සිටී.
ඇයි ආණ්ඩුව මෙච්චර ප්‍රමාද කරන්නේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සොයන්න. ආණ්ඩුව පත් වුණේ මහබැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරය කළ ත්‍රස්තයන්ට නිසි දඩුවම් කරන බවට පොරොන්දු වෙලා. මෙය ප්‍රමාද කිරීම ගැන සියලු දෙනාටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා
දැන් හැමෝම බබාලා වෙලා.
මෙයා වගකිවයුත්තේ පාස්කු ප්‍රහාරය පමණක් නොවෙයි. 2015 සිට 2019 දක්වා අපේ රට ආර්ථිකයෙන් වැටෙනකන් බලාගෙන හිටියා. ඒ වගේම ඩොලර් බිලියන 7ක් ණයට අරගෙන. හම්බන්තොට වරාය විකුණලා.
මේ ඉන්නෙ තව කෙනෙක්, මොහුටයි ඉස්සෙල්ලම නඩු දාන්න ඕනේ.