(නාලක සංජීව දහනායක)
පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කඩිනමින් ස්වාධීන කොමිසමක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (21) පැවැසීය.
එමෙන්ම නැවත එවැනි ක්‍රියා සිදුනොවීමට බිඳවැටී ඇති බුද්ධි අංශ නඟා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග තමා මේ වනවිටත් ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දී තිබෙන බවද ඔහු කීය.
ඒ අනුව ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී බුද්ධි අංශ ශක්තිමත් කරමින් තමන් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නැවැත ආරම්භ කරන බවද ඔහු සඳහන් කළහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (21) පස්වරුවේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් බැහැදුටු අවස්ථාවේදී මේ බව කීය.
බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ අතර පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අගරදගුරු හිමියො ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.
පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය හා ආබාධිත තත්ත්වයට පත්වූ ජනතාවට මේ වනතෙක් සාධාරණයක් ඉටු නොවූ බව කී කාදිනල් හිමියෝ එම ප්‍රහාරයට සම්බන්ධයැයි පැවසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් නිසිපරිදි විමර්ෂන සිදු නොවන බවද සඳහන් කළහ.
ආගම, ජාතිය, කුමක් වුවත් කිසිවෙකුට මිනිස් ජීවිතවලට හානි කිරීමට ඉඩ දිය නොහැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසීය.
එමෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් මේ වනතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග කාදිනල් හිමියෝ අගය කළහ.
COMMENTS
ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ මේ රටට ආදරය කරන ගොඩක්ම හොද නායකයෙක්. එතුමා මේ දවස් දෙකට රටට යහපත් හොද තීරණ කීපයක්ම ගත්තා. අපරාදේ මෙතුමාට නොදෙවෙනි හැකියාවක් දක්ෂකමක් මෙන්ම අත්දැකීම් තියන ෆොන්සේකා මහත්තයා උගුලේ පැටලුනා. ෆොන්සේකා මහත්තයෝ ඔයත් අපිට ජාතික වීරයෙක් තවමත් පරක්කු නැහැ අලුත් ජනධිපතිතුමා එක්ක එකතුවෙලා මේ රටේ යහපතට වැඩ කරන්න රට ජාතිය ගැන හිතන්න. අවුරුදු 30ක් තිබුණු යුද්දය ඉවරකලේ ඔබතුමාලා සියලුම දෙනා එකතුවෙලා වැඩ කරපු නිසා. මේ රටේ අනාගත පරපුර ගැන හිතලා මේ රටට ආදරය කරන පුරවැසියෙක් විදියට ගෝඨාභයට එකතුවෙන්න. ඔබතුමාට ආරක්ෂක උපදේශකවරයෙක් විදියට වුනත් වැඩ කරන්න පුළුවන් හැකියාවක් දක්ෂකමක් අත්දැකීමක් තියනවා නේද. දැන්වත් හොදට ඇස් ඇරලා බලන්න පරණ වාදබේද අමතක කරන්න රටේ යහපතට වැඩ කරන්න ඔබතුමාත් ගෝඨාභය මහත්තයාත් එකට එකතුවුනා නම් අපිට ආයෙත් පුරන්අප්පුයි කැප්පිටිපොලයි බිහිවුනා වගේ තමයි.
දැන් ඉතින් කවුරු කවුරුත් ආවඩයි
අනේ හපොයි ! තවත් කොමිසමක්. මන් හිතුවේ ගෝඨාභය මහතා කෙලින්ම ඕකට හවුල් අය අල්ලයි කියලා. එකම දේ නැවත නැවතත් වෙනවා! මහා යුද්දයක් ඉවර කරපු රටකට මේ එක සිද්ධියක් විසදගන්න මෙච්චර කල් යවන්නේ ඇයි? සැක සහිතයි අපේ ලංකාවට දෙවි පිහිටයි! තෙරුවන් සරණයි
පරීක්ෂණ පවත්වන්න කාගෙන්ද සාක්කි ගන්න පටන්ගන්නේ?
ආගම ජාතිය කුමක් වුවත් මිනිස් ජීවිත වලට හානි කිරිම කිසිවකුට අයිති නැත. ඒ දේම නේද වෙන්නෙත්. කවදාකවත් වචනයෙන් ක්‍රියාවෙන් හෝ නතර කල නොහැකි දෙයක්. රජකම ලැබුනත් වැඩක් නැහැ, මිනිසාට, සතා සිව්පාවට ආදරය කරුණාව දක්වන්නේ නැතිනම්
අති පූජ්‍ය කාදිනල් හිමිපාණන්ගේ නියෝජිතයෙක් ඇතුලත් කිරීම හොද තීරණයක්, ඒවගේම අනිකුත් සාමාජිකයන් විය යුත්තේ නීති ගරුක නිලදාරීන් බවටද සදහන් කිරීමට කැමැත්තෙමු.
මැතිඳුනි, රාජ්‍ය සහ සංස්ථා වෘත්තීන් වලට විශ්‍රාමික හමුදා නිලධාරින් යොදවා සම්ප්‍රදායික ‘ඉබි ගමනක යන’ ක්‍රමය වෙනස් කරන්න.
ඒක සිද්ධ වුන මොහොතේ ජනාධිපති කොමිසමක් පත් නොකරපු අයටත් වගකියන්න වෙනවා.
කාව රවට්ටන්නද මේ හදන්නෙ.
මෙම කොමිසම මුලින්ම කල යුතු දෙයක් වන්නේ සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු කාරක සභාව වෙනුවෙන් සකස් කල වාර්තාව කියවා එහි නිර්දේශ ගැන සැලකිලිමත් වීමයි. සරත් ෆොන්සේකා මහතා සකස් කල වාර්තාව, එම තේරීම් කාරක සභාවේ අන් සාමාජිකයන් ගේ වාර්තාවට වඩා වෙනස්. එසේම එම තේරීම් කාරක සභාවේ සිටි අදාල කරුණ ගැන විශේෂ දැනුමක් තිබුන එකම සාමාජිකයා ද ඔහු පමණි.
අනේ මැතිඳුනි, දැන් මේකට කොමිෂන් සභා කීයක් පත් කළාද? තවත් මේ කල් මරණ නාස්තිකාර කොමිෂන් මොකටද? ඔහොම ගියොත් ඔබතුමාත් පරණ පාරටම වැටයෙි. කොමිෂන් නවත්තලා විධිමත් පරීක්ෂණයකට අපරාධ අංශවලටම බාර කරමු.
හොයාගෙන යනකොට කෙළවරේ ඉඳි ඉන්දියාවේ අය....
පරණ තැටිම වාදනය වෙන්න ගන්නවා වගේ. හැමදාම රැවටෙන්නේ අපි විතරයි.
අනේ ඔය කොමිසන් පිස්සුව නතර වෙන්නේ කවද්ද?