(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් කිසිඳු දැනුම් දීමක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට ලැබී නොමැති බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අද ( 05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එසේම ජාතික රහස් ඔත්තු සේවය සිය බුද්ධි තොරතුරු කෙළින්ම අනාවරණය කරන්නේ ජනාධිපතිවරයාට පමණක් බවත් , එය ආරක්ෂක ලේකම්වරයාට ලබා නොදෙන බවද ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (05) යළි සලකා බැලූ අවස්ථාවේදීය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී දෙහිදෙණිය සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් යුතු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් 12 සළකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා විදේශ මාධ්‍යවේදියාට දුන් පිළිතුර වූයේ ප්‍රහාරය ගැන දැන් සිටියා. නමුත් මෙතරම් විනාශයක් වෙයි කියලා සිතුවේ නැැහැ කියලා...
ඔය වගේ දෙයක්වත් තමන්ට නොලැබෙන ආරක්ෂක ලේකම් පට්ටම් අල හාරන්නද? තමන්ට වැඩක් කරන්න බලයක් නැතිනම් ඔය පට්ටම කලින්ම දාලා යන්න තිබුණා. ඔක්කොම ඉවරවුණාට පස්සේ මම දන්නේ නෑ කියන අයට දඬුවම් දෙන්න ඕන ඔක්කොටම කලින්...
ඔය බොරු කියන එක දැන්වත් නවත්වන්න . හරියට වැඩේ කරේ නැතිව මන් දන්නේ නැති න්‍යාය පාවිචි කරන්නේ. මොකටද එහෙනම් පඩි ගෙවලා වැඩට ගත්තේ.